මීට වසර 25 කට කලින් මෙහෙයුම් ආරම්භ කරන ලද ෂෙකොයු බහාලූම් පර්යන්තය ලෝකයේ කාර්ය බහුලතම පර්යන්තයක් සේ සැලකේ.
ලෝකයේ ප්‍රධානතම බහාලුම් පර්යන්ත 20 අතර මෙම පර්යන්තයට ද විශේෂ ස්ථානයක් හිමිවී ඇති අතර නාවුක මාර්ග 160 ක් ඔස්සේ ලෝකයේ රටවල් 18 ක් සමඟ සම්බන්ධතා පැවැත්වීමට ද සමත් වී ඇත.
මෙම බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ විශේෂඥ දැනුම චයිනා මර්චන්ට් සමාගම ඔස්සේ දැනටමත් කොළඹ වරාය මෙහෙයුම් කටයුතු සඳහා ලැබී ඇත.
ශ්‍රී ලාංකීය සේවක සේවිකාවන්ට පුහුණු අවස්ථා ගණනාවක් ද මෙම පර්යන්තය මගින් ලබාදී තිබේ.
අනාගතයේ ශ්‍රී ලංකාවේ වරාය සහ බහාලුම් පර්යන්ත මෙහෙයුම් කටයුතු සඳහාත්, නිදහස් වෙළෙඳ කලාප සැලසුම් කිරීම සඳහාත් චීනයේ එකම පුද්ගලික නිදහස් වෙළෙඳ කලාපය සතු චයිනා මර්චන්ට් සමාගමේ විශේෂඥ දැනුම ලබා ගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ.
ඉන් පසුව අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන දූත පිරිස ෂෙකොයු ප්‍රදර්ශන ශාලාව නැරඹිමට ද ගියහ. 1872 වසරේ චීනයේ ෂංහයි නගරයේ දී ආරම්භ කරන ලද චයිනා මර්චන්ට් සමාගම මෙතෙක් පැමිණි ගමන්මග පිළිබඳවත්, ඔවුන්ගේ අනාගත සැලසුම් පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණ.