මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුම මගින් කොළඹ නව ජාත්‍යන්තර මුල්‍ය නගරයක් ඇති කිරීම සඳහා වූ අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ දැක්ම නිරූපණය වේ. මෙම නව ජාත්‍යන්තර මුල්‍ය නගරය, ළඟදීම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන කොළඹ ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථාන නීතිය නම් වූ නව පනත යටතේ පාලනය වනු ඇත. මෙම පනත ව්‍යාපෘති සමාගම විසින් ගොඩකිරීමට නියමිත භූමිය තුළ ජාත්‍යන්තර මුල්‍ය කලාපයක් ඇති කිරීම පුරෝකථනය කරයි. මෙම මුල්‍ය කලාපය, පිළිගත් ජාත්‍යන්තර බැංකු සහ මුල්‍ය සේවා සමාගම් CIFC තුළ ස්ථානගත වීමට පොළඹවමින්, ජාත්‍යන්තර මුල්‍ය සේවා කර්මාන්තය ආකර්ෂණය කිරීම සඳහා යෝග්‍ය පරිසරයක් ඇති කරනු ඇත. මෙම ආරම්භය, ගොඩකරන සමස්ත භූමියම සඳහා සංකල්පිත සංවර්ධන සැලසුම් හා එක්ව, විපුල ආර්ථික ප්‍රතිලාභ හා සේවා අංශයේ ඉහළ වැටුප් සහිත රැකියා උත්පාදනය කිරීමට අපේක්‍ෂිතය.
ප්‍රතිස්ථාපනය කෙරෙන 2014 ගිවිසුමේ ඇතුළත් නොවූ, එහෙත් ශ්‍රී ලංකාවට ඵලදායී වන බොහෝ අංග මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ අන්තර්ගත වේ. පළමුවම, පසුගිය රජය විසින් එළඹි ගිවිසුම යටතේ දක්වා තිබූ පරිදි කිසිදු ඉඩමක් ව්‍යාපෘති සමාගම වෙත සින්නක්කරව ප්‍රදානය කිරීම සිදු නොවනු ඇත. සියළුම ඉඩම් රජය විසින් ක්‍රියාත්මක කරන බද්ද මත පවරනු ඇති අතර, කිසිදු කොන්දේසියක් යටතේ වත් යම් ඉඩමක් සඳහා ව්‍යාපෘති සමාගම වෙත ලැබෙන බදු කාලය අවුරුදු 99 කට වඩා වැඩි නොවනු ඇත. තව දුරටත්, ව්‍යාපෘති සමාගම විසින් තම ඉඩම් වෙත ආයෝජකයින් ආකර්ෂණය කළ විට, එම ඉඩම් එම තුන්වන පාර්ශ්ව ආයෝජකයා වෙත ලබා දෙනුයේ ද රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන 99 අවුරුදු බද්දක් මතය.
මීට අමතරව, අතිගරු ජනාධිපතිතුමා විසින් හෙක්ටෙයාර් 269 ක් වූ සමස්ත ගොඩකළ භූමිය ද ශ්‍රී ලංකා දේශභූමියට අයත් ප්‍රදේශයක් ලෙස, ඉඩම් පනත යටතේ, ප්‍රකාශයට පත් කරනු ඇත. ඉන් පසුව, ගොඩකළ භූමිය නාගරික සංවර්ධන අධිකාරියේ පනත සහ/හෝ යෝජිත CIFC නීතිය යටතට අයත් බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත.
රජය විසින් පොදු ජනතාවට හා රටේ ආර්ථිකයට ඵලදායී වූ තවත් බොහෝ ප්‍රතිලාභ සුරක්‍ෂිත කර ඇත. විශේෂයෙන්ම, රජය සහ ව්‍යාපෘති සමාගම අතර සිදු වූ සවිස්තරාත්මක සාකච්ඡාවන්ගෙන් පසුව අත්කරගත් වඩා වාසිදායක තත්ත්වයන් ලෙස පහත සඳහන් කරුනු මතුකර දැක්විය හැක:
1. මාර්ග, උද්‍යාන, පදික මංතීරු යනාදිය වැනි පොදු කටයුතු සඳහා භාවිතා වන භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් 63 සිට හෙක්ටෙයාර් 91 දක්වා 44% කින් වැඩි කර ඇත. 2014 ගිවිසුමේ ඇතුළත් ගොඩකරන භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් 233 සිට වර්තමාන හෙක්ටෙයාර් 269 දක්වා ව්‍යාප්ත කිරීමට මූලිකම හේතුව වී ඇත්තේ ද මෙයයි. මෙමගින් අදහස් වන්නේ පොදු ජන භාවිතය සඳහා හෙක්ටෙයාර් 91 ක භූමි ප්‍රමාණයක් සහ සංවර්ධනය සහ ආයෝජනය සඳහා හෙක්ටෙයාර් 62 ක භූමි ප්‍රමාණයක් රජයට වෙන් වී ඇති බවයි.
2. හඳුනාගත් පොදු ප්‍රදේශයන්ගෙන් හෙක්ටෙයාර් 45 ක් පොදු ජන භාවිතය සඳහා වූ උද්‍යාන වෙනුවෙන් වෙන්වේ. මෙය හෙක්ටෙයාර් 5.7 ක් වූ ගාලු මුවදොර නිල්ලේ ඉඩකඩ මෙන් 8 ගුණයක් විශාලය. මීට අමතරව, ව්‍යාපෘතිය මගින් පොදු ජන භාවිතය සඳහා හෙක්ටෙයාර් 13 ක් විශාල වෙරළක් ද ඉඳි කරනු ඇත.
3. සුදුසු භූමි ප්‍රදේශයක් CIFC ලෙස සංවර්ධනය කෙරෙනු ඇත. විශේෂයෙන්ම, නව ගිවිසුම මගින් ප්‍රකාශ වන්නේ, රජයේ උපදේශනය යටතේ, සිදුකෙරෙන ශක්‍යතා අධ්‍යයනය නිමවූ පසුව, මෙම ගොඩනැගිල්ල ඉඳිකිරීම සඳහා අමතර ආයෝජනයක් කිරීමට ද වව්‍යාපෘති සමාගම අපේක්‍ෂා කරයි.
4. පැවති ගිවිසුම මගින් ගොඩකළ භූමියේ පර්යන්තය තෙක් උපයෝගීතා සහ යටිතල පහසුකම් සම්බන්‍ධතාවන් සැපයීමේ මුළු බර රජය මත පටවා තිබුනි (ගොඩකළ භූමිය තුළ සියළු යටිතල පහසුකම් ව්‍යාපෘති සමාගම විසින් ඉඳිකරනු ඇත). අද දින අත්සන් තබන ලද නව ගිවිසුම යටතේ මෙවැනි යටිතල පහසුකම් සැපයීම සඳහා පොදු-පෞද්ගලික සහයෝගීතාවයක් ඇති කරගන්නා ලෙස ව්‍යාපෘති සමාගමෙන් ඉල්ලීමක් කිරීමට රජයට අයිතිය ඇත.
5. පැවති ගිවිසුම යටතේ, ගොඩකළ භූමිය සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඩත්තු කිරීම රජය/වරාය අධිකාරිය වෙත පැවරුනු වගකීමක් විය. වර්තමානයේ, ව්‍යාපෘති සමාගම සහ රජය විසින් නම් කිරීමට නියමිත පාර්ශ්වයක් අතර ඇතිකරන නව හවුල් ව්‍යාපාරයක් මගින් ස්‍වයං මුල්‍යන පදනම යටතේ දේපල කළමනාකරණය කිරීමේ වගකීම භාරගනු ඇත.
6. 2014 ගිවිසුම, ගොඩකිරීමෙන් වසර 3 ක් පසුවන තුරු රජයට අයත් අලෙවි කළහැකි ඉඩම් තුළ කළ හැකි සංවර්ධනයන් ක්‍රියාත්මක කිරීමට බාධා පැනවීය. නව ගිවිසුම යටතේ, මෙම බාධාව ලිහිල් කර ඇති අතර, ප්‍රදර්ශන සහ උත්සව ශාලා පහසුකම්, රෝහල් සහ වෛද්‍ය පහසුකම් සපයන ආයතන ඉඳි කිරීම වැනි සංවර්ධනයන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජයට හැකියාව ඇත.
7. 2014 ගිවිසුම මගින්, පාරිසරික අධ්‍යයන සහ ධීවරයින් සඳහා ආදායම් සහාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ මුල්‍යමය බර වරාය අධිකාරිය වෙත පවරා තිබුනි. නව ගිවිසුම යටතේ, ව්‍යාපෘති සමාගම විසින්, පාරිසරික අධ්‍යයනයන් (දැනට සිදුකර ඇති අධ්‍යයනයන් ද ඇතුළත්ව) සිදුකරවීම සඳහා මහානගර අමාත්‍යාංශය දැරූ පිරිවැය පියවා ඇති අතර, ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් ආයෝජනය කර ඇත.
ව්‍යාපෘතිය තාවකාලිකව නගර කිරීමට සිදුවීම ද අසම්පූර්ණ පාරිසරික අධ්‍යයනයක ප්‍රතිඵලයක් බව මෙහිදී සඳහන් කළ යුතුය. පරිපූර්ණ නව පරිපූරක පාරිසරික අධ්‍යයනයක් සිදු කිරීම හරහා රජය විසින් මෙය ප්‍රතිශෝධනය කරන ලදී. මෙම අධ්‍යයනය, මුහුදෙන් වැලි ලබාගතහැකි ප්‍රදේශය වෙරළ තීරයෙන් කිලෝ මීටර් 3-4 කට ඈතින් පිහිටි ප්‍රදේශයේ, දිය ගැඹුර මීටර් 15 කට වඩා වැඩි ප්‍රදේශයන්හි, මුහුදු පතුලේ සිට මීටර් 3 ක් දක්වා පමණක් (මුහුදු පතුලේ අවම මීටර් ½ ක වැලි තට්ටුවක් ඉතිරි කර) වැලි කැණීම සිදු කිරීමට සීමා කරන ලදී. මෙමගින් වෙරළ ඛාදනය වීමේ ඉඩකඩ අවම කර ඇත. තවදුරටත්, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් 2016 වසරේ නිකුත් කළ සංවර්ධන අවසර පත්‍රයේ කොන්දේසි 70 ක් ඇතුළත් කර පරිසරය ආරක්‍ෂා කිරීම සලසා ඇත ( මෙය 2011 වසරේ නිකුත් කළ අවසර පත්‍රයේ ඇතුළත් කොන්දේසි සංඛ්‍යාව මෙන් දෙගුණයකි).
වැදගත් කරුනක් නම්, අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් චීනයේ සිදුකළ සංචාරයන්හි දී ඇතිකරගත් සුහදතාව යේ ප්‍රතිඵලයක් ලෙස, ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අත්සන් තබන දින සිට ක්‍රියාත්මක වන පරිදි, තමා විසින් මෙතෙක් රජය වෙත ඉදිරිපත් කර ඇති වන්දි හිමිකම් ඉල්ලීම් ඉල්ලා අස්කර ගන්නා බව ව්‍යාපෘති සමාගම විසින් ලිඛිතව දැනුම් දී ඇත.