නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දෙසතිය තුළ සූර්ය බලශක්ති සංග‍්‍රාමය දියත්කිරීම ජනපති අතින් Featured

    අගෝස්තු 11, 2016

    ලංකාවේ නිවාස පියසි දස ලක්ෂයක් සූර්ය විදුලි බලාගාර බවට පරිවර්ථනය කිරීමේ ජාතික වැඩසටහන එනම් සූර්ය බලශක්ති සංග‍්‍රාම ව්‍යාපෘතිය ඉදිරි සති 02 ඇතුලත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් දියත් කිරීම සිදු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


     මේ යටතේ විවිධ ක‍්‍රමවේදයන්  03 ක් යටතේ විවිධ ආර්ථික තත්ත්වයන් දරන නිවාස හිමියන්ට ගැළපෙන ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කර තිබෙන බවත් තමන්ගේ නිවසේ සූර්ය බලශක්ති පැනලයක් සවිකරගෙන, තමන්ට පරිභෝජනයට අවශ්‍ය විදුලියත් ලබාගෙන අතිරික්ත විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට සපයා දීමටත් අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    ඒ තුළින් අමතර ආදායම් මාර්ගයක් විදුලි පාරිභෝගියාට ලැබෙන ක‍්‍රමයක් ඇති කිරීමට අපේක්ෂා කරන අතර  කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳ සවිස්තර වාර්ථාවක් සහිත කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද සූදානම් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    අමාත්‍යාංශයේ පැවති විශේෂ නිල සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (10) සඳහන් කළ අතර ශ‍්‍රී ලංකාවේ දැනට ස්ථාපිත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකුකරුවන් සහභාගීවූ මෙම රැස්විම සංවිධානය කර තිබුණේ, අවශ්‍ය විදුලි පාරිභෝගිකයන් වෙත සූර්ය පැනල ලබාදීමේදී ඒ සඳහා සහන ණය ක‍්‍රමයක් හඳුන්වාදී මේ අරමුණෙනි.

     

    ඒ අනුව සූර්ය පැනල මිලදී ගැනීම වෙනුවෙන් සහන ණය ක‍්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා ණය සැපයීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya