නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි මාස කිහිපය තුළ ආර්ථිකයේ වෙනසක් - ජනමාධ්‍ය ඇමැති

    අගෝස්තු 10, 2016

    ඉදිරි මාස කිහිපය තුළ ජනතා සහන ලබාදෙන රටේ ආර්ථිකයේ වෙනසක් ජනතාවට දැක ගැනීමට හැකි වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    පසුගිය රජය කාලයේ ලබා ගත් ණය හේතුවෙන් රටේ ආදායමට වඩා ණය පොලිය ගෙවීමට සිදු වී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජයේ නව වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා රටේ ආර්ථික කළමනාකරණය කරමින් ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කරන බව ද පෙන්වා දුන්නේය.

     

    රජය මේ වන විට ක්‍රමවත්ව වැඩපිළිවෙළක් තුළ රට හිර වී සිටින ණය උගුලෙන් බේරීම සඳහා කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya