නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනයට පියවර

    අගෝස්තු 03, 2016

    2012 අංක 22 දරන පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

    එම පනතේ තාක්ෂණික ගැටලු නිරාකරණය සහ පිළිගත් දේශපාලන පක්ෂවල යෝජනා සලකා බැලීම මෙහි අරමුණ වන අතර මේ පිළිබඳව සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් පත් කර තිබේ.

    එහි සමාජිකයින් ලෙස, අමාත්‍ය ෆයිසර් මුස්තෆා (සභාපති), අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍ය රිෂාද් බදියුදීන්, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ අමාත්‍ය මනෝ ගනේෂන් පත් කර ඇත.

    කැබිනට් අනු කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු වන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතායි.

    පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනයට පත් කළ කැබිනට් අනුකමිටුවේ පළමු රැස්වීම, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ග්‍රවණාගාරයේදී ඊයේ (01)  පැවැත්විණි.

     2012 අංක 22 දරන පළාත් පාලන ආයතන මැතිවරණ පනතේ පවතින තාක්ෂණික ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර  මේ රැස්වීමට මහින්ද අමරවීර, රිෂාද් බදියුදීන්, මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා, කොට්ඨාශ සීමානීර්ණය පිළිබඳ අභියාචන විමර්ශන කමිටුවේ සභාපති අශෝක පිරීස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya