නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල් අඟුරු වාර්තාව ඇමැතිට භාර දෙයි

    අගෝස්තු 01, 2016

    ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධව පවතින තත්ත්වය පිළිබඳ කරුණු සොයාබැලීම සඳහා පත්කළ ත‍්‍රිපුද්ගල කමිටු වර්තාව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත එම අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී අද (01) භාර දුන්නේය.

    මහාචාර්ය කේ. කේ. වයි. ඩබ්. පෙරේරා, මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල සහ මහාචාර්ය ජනක බී. ඒකනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සැදුම්ලත් මෙම ත‍්‍රිපුද්ගල කමිටුව, පසුගිය මස 13 වනදා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් පත්කරන ලදී.

    කමිටුව විසින් ලබාදුන් වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුව වෙත සහ මාධ්‍යයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya