මූතුර් දිසා/මහේස්ත‍්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඊයේ (29) ජනතා අයිතියට කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
යුක්තිය පසිඳලීමේ යාන්ත‍්‍රණය සවිබල ගන්වා මහජනතාවට කාර්යක්ෂම අධිකරණ සේවාවක් ලබාදෙමින් නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමේ යහපාලන රාජ්‍ය ප‍්‍රතිපත්තියට අනුව අධිකරණ අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 33 ක වියදමින් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කර තිබේ.
මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසකට වැඩි ජනතාවක් තමා ජනාධිපතිවරයා ලෙස පත් කර ගනිමින් අපේක්ෂා කළ ප‍්‍රධාන කරුණු අතර ස්වාධීන, අපක්ෂපාතී සහ මධ්‍යස්ථ නීති පද්ධතියක් රට තුළ ගොඩනැගීම ප‍්‍රමුඛ වූ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා තමා උපරිමයෙන්ම බැදිසිටින බව ද කියා සිටියේය.
නීතියේ විසදුම් සොයා එන පොදු මහජනතාවට එම විසදුම් ලබා ගැනීමේදී සිදුවන ප‍්‍රමාදයන් සියලූදෙනාගේ කඩිනම් අවධානය යොමු විය යුතු කරුණක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම ප‍්‍රමාදයන් වැළැක්වීම සඳහා රජය මඟින් ගතයුතු කි‍්‍රයාමාර්ග ඇතුළත් යෝජනා සහ නිර්දේශ රජයට ඉදිරිපත් කරන ලෙස තමා අගවිනිසුරුවරයා ඇතුළු නීති ක්ෂේත‍්‍රයේ සියලූදෙනාගෙන් විවෘත ඉල්ලීමක් සිදු කරන බව ද කියා සිටියේය.
රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට රජය සෑම විටම කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ ද එම කරුණුවලට මුල් තැන දෙමින් බව ප‍්‍රකාශ කළේය.
අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, රවුෆ් හකීම්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ද අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන් මහතා ඇතුළු විනිසුරුවරුන් සහ නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.