මෙම ගිවිසුම් නිසා වෙළඳ, නගර සංවර්ධන, සංස්කෘතික, රාජ්‍ය සේවා සහ කාර්මික හා වෘත්තීය පුහුණු අංශයන්ගේ වර්ධනයක් සහ නිපුණත්වයක් ලබා ගැනීමේ අවකාශ ශ්‍රී ලංකාවට හිමි වේ.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සකස් කිරීම සඳහා කටයුතු ආරම්භ කිරීමේ එකඟතා ප්‍රකාශනය සඳහා අත්සන් කරනු ලැබූයේ ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ සිංගප්පූරුවේ වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් මහත්වරුන් විසිනි.
බස්නාහිර මෙගා පොලිස් සංවර්ධන ක්‍රියාවලිය සඳහා වූ අවබෝධතා ගිවිසුම මෙගා පොලිස් අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර ව්‍යවසාය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටැන් සූන් කිම් මහතා අතර අත්සන් තැබිණි.
සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධාත්මක ගිවිසුම අත්සන් තැබූයේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිමල් වීරරත්න මහතා සහ සිංගප්පූරුවේ සංස්කෘතික, ප්‍රජා සහ තරුණ අමාත්‍යංශයේ ස්ථිර ලේකම් යෙඕ චී යැන් මහත්මිය විසිනි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ සහයෝගීතාව ලබාදීමේ අවබෝධතා ගිවිසුම නිමල් වීරරත්න මහතා සහ සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයීය පීඨාධිපති සහ ප්‍රධාන විධායක නිලධාරීනී ඕන්ග් ටූන් හුයි මහත්මිය අතර අත්සන් තැබිණි.
කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණුව සඳහා වූ අවබෝධාත්මක ගිවිසුම සිංගප්පූරුවේ කාර්මික අධ්‍යාපනය පිළිබඳ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටැන් සෙං හුවා මහතා සහ නිමල් වීරරත්න මහතා අතර අත්සන් තැබිණි.