ජපාන් - ආසියානු (විද්‍යා හා තාක්ෂණ) ළමා හුවමාරු වැඩසටහන යටතේ, Japan Science and Technology agency ආයතනය විසින් සංවිධානය කර ඇති මෙම අධ්‍යයන වැඩසටහන Sakura Science plan for high school’s students ලෙස නම් කර තිබේ.
ජපන් රජය විසින් ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට කරන ලද ඇරයුමක් අනුව මෙම අවස්ථාව ලංකාවේ පාසල් සිසුන් වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව, පසුගිය වසරේ උසස් පෙළ විශිෂ්ට සමතුන් අතරින් ජාතික මට්ටමින් තෝරාගන්නා ලද විද්‍යා, ගණිත සහ තාක්ෂණ අංශයේ විශිෂ්ට දක්ෂතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකු අද (10) සිට ලබන 16 දින තෙක් පැවැත්වෙන මෙම අධ්‍යයන චාරිකාව සඳහා සහභාගීවීමට නියමිතයි.