එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර පසුගිය 8 වැනි දින අවසාන වූ දින 28 ක කාළය තුළ ත්‍රිවිධ හමුදාවටම අයත් සාමාජිකයින් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් සිය නිශ්කාෂණ කටයුතු නිම කොට නීත්‍යානුකූලව සන්නද්ධ සේවා තුළින් නික්ම ගොස් ඇත.
ඒ අනුව සක්‍රීය සේවයෙන් නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට නොපැමිණ සිටි යුධ හමුදාවේ සාමාජිකයින් 11847 ක් නාවික හමුදා සාමාජිකයින් 679 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 525 ක් මේ වනවිට සිය නිශ්කාෂණ කටයුතු නිමකොට නීත්‍යානුකූලව සන්නද්ධ සේවා තුළින් නික්ම ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කර තිබේ.
යුද හමුදා සාමාජිකයින් නම් තමා අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය, නාවික හමුදා සාමාජිකයින් නම් වැලිසර නාවික කඳවුරට ඉඳුරාම රපොර්තු කිරීම සහ ගුවන් හමුදා සාමාජිකයින් නම් කොළඹ පිහිටි ගුවන් හමුදා මුලස්ථානය වෙත වැඩකරන වෙලාව තුළ රපොර්තු කර සිය තොරතුරු ලබාදී සිය නිශ්කාෂණ කටයුතු නිම කර නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමේ හැකියාව පවති බව ද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.