නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජනතාවට,තරුණයන්ට අනාගතයක් දෙන්න අවශ්‍යයි

    ජූලි 07, 2016

    රටේ ජනතාවට අනාගතයක් දෙන්න,තරුණයන්ට අනාගතයක් දෙන්න අවශ්‍ය බවත් තවත් ණය වී කිසිම ප්‍රයෝජනයක් නොමැති බවත් සංවර්ධන ව්‍යාපාරය අතනොහරින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩර මහතා විසින් පසුගිය රජය ආර්ථිකය බිඳවැටී තිබූ අවස්ථාවක විශාල මිල ධික නැව් දෙකක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නැව් සංස්ථාව හරහා නැව් දෙක එක නැවක් ඇමෙරිකානු ඩොලර් මිලියන 35 බැගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 70කට මිලදී ගෙන තිබෙනවා.මෙම මිලදී ගැනීම මුදල ණය මුදලක් ලෙස ලබාගෙන තිබෙනවා. සම්පූර් විදුලි බල ව්‍යාපෘතියට නැව් වලින් ගල් අඟුරු ලබාගන්නවා කියා නෑ. මේ නැව් නාවුක වෙළඳපොලේ යොදවන්න ක්‍රියා කරනවා.මේ නැව් දෙක සඳහා විශාල මහජන මුදලක් වැය කර තිබෙනවා.මේ නැව් විකුණා දමනවාද? නැතිනම් ඵලදායී ලෙස යොදාගන්නවාද යන්න ගැන වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

     

    මින් ඩොලර් මිලියන 30ක පාඩුවක් සිදු වී තිබෙනවා.නැව්වල අද වටිනාකම ඩොලර් මිලියන 40යි. කුමක් ද කරන්නේ කියා තීරණයක් ගන්න සිදු වෙනවා.නැව් දෙක අලුත් ද පරණ ද කියන්න දන්නේ නෑ.පොලීසියට දෙන්නම් පරීක්ෂණයක් කරන්න. නැව් ගත්තේ ලෝකයේ නැව් අතිරික්තයක් තිබෙන විටයි.අපේ නැව් සංස්ථාවලට නැව් කුලියට දෙන්න හැකියාවක් නෑ.අලාභය දිහා බලලා තීරණයක් ගන්න වෙයි.ජනතාවගේ සාක්කුවෙන් අරගෙන වෙන කෙනෙකුගේ සාක්කුවට ගිහින් තියෙන්නේ.හැමතැනම ණය තියෙනවා. විදේශ ණය දෙස බැලුවන්ම, මේ පවු අපිට ගෙවන්න සිදු වී තිබෙන්නේ.එහෙත් අපි රැකියා දෙන්නත් ක්‍රියාකර තිබෙනවා.සංවර්ධන ව්‍යාපාරය අතහරින්නේ නෑ.ජාතික ආණ්ඩුවක් හැටියට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නට කටයුතු කරනවා .2015 ස්ථාවර බවක් ලබාගෙන 2016 ණය ගෙවන්නට විවිධ මාර්ග අරගන්නට තිබෙනවා.රජයේ ආදායම වැඩිකරගන්න තිබෙනවා.වැඩසටහන් කීපයක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා.

     

    ඉදිරි මාස දෙක තුළදී රාජපක්ෂ ණයට යටවූ මේ රටේ බේරාගන්නා ක්‍රමය මේ සභාව සමඟ සාකච්ඡා කර,ගෙනියන්න වුවමනයි. මේ රටේ ජනතාවට අනාගතයක් දෙන්න,තරුණයන්ට අනාගතයක් දෙන්න අවශ්‍යයි.තව ණය වී කිසිම ප්‍රයෝජනයක් නෑ.තීරණයක් ගෙන ඉදිරියට යා යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya