නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවගේ බදු බර කෙටි කලකින් ඉවත් කළ හැකියි- මුදල් ඇමැති

    ජූලි 07, 2016

    ජනතාව මත පැටවී ඇති බදු බර, රජයේ මූල්‍ය විනය හේතුවෙන් කෙටි කාලයක් තුළ ඉවත් කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය ඒ වෙනුවෙන් නාස්තිය සහ දූෂණය මුළුමනින්ම අවසන් කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

     

    රාමසාන් දිනයට සමගාමීව උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ඉස්ලාමීය බැතිමතුන් වෙත වියළි ආහාර බෙදා දීම සඳහා තොටළඟ දේශපාලන කාර්යාලයේ ඊයේ (05) පැවති උත්සවයකට එක් වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ය.

    හම්බන්තොට වරාය හදන්න රුපියල් කෝටි 28,800ක් වැය කර තිබෙන අතර එහි අද මාසික ආදායම ලක්ෂ 34ක් බවත්  එක්සත් ජාතික පක්ෂය දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න සැලසුම් කළේ රුපියල් කෝටි 6000කින් වුවත් ඒත් ඒක සෑදීම සඳහා රුපියල් කෝටි 12,800ක් වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.  

    ඒ මහතා ප්‍රකාශ කළේ  කාලයේ 8% පොලියට ණය ගත්ත ආණ්ඩුවක් කර ගිය විනාශයේ බර මේ ජනතාව මත තිබෙන බවයි.

    මෙම අවස්ථාවට ප්‍රදේශයේ හිටපු නාගරික මන්ත්‍රීරුවන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya