නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වසර 3කින් අවසන් Featured

    ජූලි 03, 2016

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වසර තුනකින් අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    නව රජයේ ප‍්‍රමුඛ සංවර්ධන යෝජනාවක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (02) එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙම නිරීක්ෂණය මීරිගම ගනේගොඩ අධිවේගී මාර්ග ඉදි කිරීම් ප‍්‍රදේශයේ දී ඇරඹින. මෙහිදී ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා

    චීන රජයේ එක්සිම් බැංකුවේ මුදලින් ක‍්‍රියාත්මක වන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මුළු රටටම විවෘත වන අධිවේගී මාර්ගයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය වසරේ ඇහැට නොපෙනෙන විශාල වැඩ කොටසක් සිදු වූ බව ද සඳහන් කළේය.

    මැනුම් කටයුතු , ඉඩම් පවරා ගැනීම් , වන්දි ලබා දීම ඇතුළු මූලික අවශ්‍යතා සිදු කළ අතර මේ රජය වැඩකටයුතු කරන්නේ ජනතාවට අවශ්‍ය විදිහට බවත්  මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න මේ ප‍්‍රදේශයේ ජනතාව විශාල පරිත්‍යාගයක් කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පුෂ්ප ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya