නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන මාධ්‍ය කොමිෂමක් මඟින් මාධ්‍යවේදීන්ට අවම වැටුපක් සහතික කරනවා

    ජූලි 02, 2016

    ස්වාධීන මාධ්‍ය කොමිෂමක් පිහිටුවා ගනිමින් මාධ්‍යවේදීන්ට අවම වැටුපක් සහතික කිරීමට බලාපොරොත්තු වන බවත් ජනමාධ්‍ය හැදුනුම්පත ආචාරධර්ම පද්ධතියකට යටත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පවසයි.

     

    ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, අද (02) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයෙදී  ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සම්පාදනය කළ ''ඡායාරූපශිල්පීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය'' එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

     

    ශ්‍රී ලංකාවේ ඡායාරූප මාධ්‍යවේදීන් යම් ඒකරාශීවීමකින් ආචාර ධර්ම පද්ධතියක් එළිදැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා.  ආචාර ධර්ම පුහුණු කරුවෙකු ලෙස ආචාර ධර්ම යන්න පිළිබඳ යම් ප්‍රමාණයක අන්තර්ජාතික අද්දැකීම් තිබෙනවා. ආචාර ධර්ම කියා අපි හඳුන්වන්නේ, සාමාන්‍ය නීතියෙන් ආවරණය නොවන නීතියට එහා ගිය අපේ වටිනාකම්.නීතිය කැඩ්වෙන්න පුළුවන්. අපි නීතිය හඳුන්වන්නේ කැඩි රාමුවකින්. එය තනි ඉරකින් සැකසූ රාමුවක් නොවේ. නිදහස් අරගලයේ දී ගාන්ධිතුමා කිව්වේ සිවිල් නීති කඩන්න කියලයි. නීතිය කඩන්න පුළුවන්. මේ කියන්නේ එය කඩන්න කියනවා නොවෙයි . මිනිස්සු නීති කඩනවා. වැඩියෙන් කඩන්නේ මාර්ග නීතිය.

    ඉන් පිටත තවත් රාමුවක් තිබෙනවා. එය පෙන්වන්නේ කැඩි රාමුවකින් නොවේ.දැඩි කළු ඉරකින්. එය කෙසේවත් මිනිසුන් කඩන්නේ නෑ. ඒවා තමයි ආචාර ධර්ම. පවුල නිසා, පරපුර නිසා, වෘත්තිය නිසා,දෙමව්පියෝ නිසා, ආගම නිසා කරන්නේ නෑ, කියා අපි ආචාර ධර්ම ලෙස රාමුවක් දමාගන්නේ.මෙයයි සරළම හැදින්වීම.

     

    මෙයට ලොකු අරගලයක් මාධ්‍යවේදීන්ට කරන්න තියෙනවා.කොර්ඩ් ඔෆ් එතික්ස් කියලා එකක් තියෙනවා, කොර්ඩ් ඔෆ් කන්ඩක්ට් කියලා තව එකක් තියෙනවා.ආචාර ධර්ම පද්ධතිය එකක්, අනෙක චර්යා ධර්ම පද්ධතියයි. අපට මෙතැනදී වෘත්තීය අරගලයක් තිබෙනවා. ආචාර ධර්ම සංස්කෘතියක් සමඟ වෙනස් වෙනවා. ගාල්ලේ සිටින කෙනාගේ ආචාර ධර්ම නොවේ, ඇතැම්විට අනුරාධපුරයේ සිටින කෙනාගේ තිබෙන්නේ.ඒවා වෙනස් වෙනවා.

     

    මේවා ක්‍රියාත්මක කරන එකයි ප්‍රශ්නය. ආචර ධර්ම කැඩුවොත් කැමරාව ආපසු ගන්නවාද? මේවා නියාමනය කරන්න ඕන. අපි ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්ති තීරණයක් ගෙනතිබෙනවා, ජනමධ්‍ය හැදුනුම්පත ආචාරධර්ම පද්ධතියකට යටත් කරන්නට. සියලු මාධ්‍ය සංවිධාන සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වෙනවා.


    ආචාර ධර්ම බිද්දොත් එයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ක්‍රමයක් හදන්න අවශ්‍යයි. කොතැනින් හරි වෘත්තීයභාවය හදන්න අවශ්‍යයි. කාර්යල සහකයන්ට,රියදුරන්ට දීලා තිබෙනවා.මම ආදර්ශයකින් පෙන්නුවා, මගේ හැදුනුම්පත ගත්තේ නෑ. මම පැනෙන් ලියන දවසට ගන්නවා. ඉතාම සතුටුයි, ආචාර පද්ධතියක් ඡායාරූපකලාවේදීන් විසින් නිකුත් කිරීම සම්බන්ධව. මෙය නියාමනය කරන්නේ කොහොමද? අපේ සාමාජිකයෙක් මෙය බිඳ දැමුවහොත් අපි කටයුතු කරන්නේ කොහොමද?

    යම් කිසි නියාමනයක් අත්‍යාවශ්‍යයි. ආණ්ඩුව මැදිහත් වී නොවෙයි, ඔබම සාකච්ඡා කරගන්න. ආචාර ධර්ම බිද්දොත් කුමක්ද කරන්නේ කියන්න. කොතැනින් හරි අපි පටන් ගමු. ළඟදීම මාධ්‍ය සංවිධාන කැඳවනවා. වෘත්තීය නගාසිටුවීමට ඒවා නියාමනයක් නොමැතිව සිදු කරන්න බෑ. ස්වාධීන ජනමාධ්‍ය කොමිෂමක් ගැන කතා වෙනවා. ඒ කොමිෂම පටන් ගන්නේ ඒ සාකච්ඡාවෙන්. ස්වාධීන මාධ්‍ය නියාමනයක් ගැන අපි කතා කළා. ඔවුන්ට ආරාධනා කරනවා මෙයට ආරම්භයක් ලබාදෙන්න. ආචාර ධර්ම පද්ධතිය කියන්න, එතැනින් පටන්ගමු.

     

    ස්වාධීන මාධ්‍ය කොමිෂමක් කරා සාකච්ඡා කර යමු. ඒ කොමිෂම මඟින් මාධ්‍යවේදීන්ට අවම වැටුපක් සහතික කරනවා. මාධ්‍යවේදීන්ට හොඳ අවම වැටුපක් නියම කළාම බුද්ධිමත් පිරිසක් එයි . රුපියල් දස දහසට කවුද එන්නේ?අපි කොතැනින් හරි පටන්ගෙන වෘත්තීය ජනමාධ්‍යවේදියා බිහිකරමු යැයි  ආචාර්ය රංග කලන්සූරිය මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya