අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාධ්‍ය හා සන්නිවේදන ගුරුවරුන් වෙනුවෙන් මෙම වැඩමුළුව පැවැත්වූ අතර මෙම තොරතුරු පනත මඟින් ජනතාවට වැඩිවාසි හිමි වන ආකාරය, පනත ක්‍රියාත්මක වන්නේ කෙසේද යනාදී කරුණු ඇතුළත් දේශන කිහිපයක් සහ විද්වත් කතිකාවතක් ද මෙහිදී සිදු කෙරිණි.
මෙහි ප්‍රධාන දේශනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා සිදු කළ අතර අනෙකුත් දේශන ජ්‍යේෂ්ඨ නීතිඥ ජගත් වික්‍රමනායක සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාවේ සහකාර සංස්කාරක නිලුපුල් ප්‍රියංකර පෙරේරා මහත්වරුන් විසින් පවත්වන ලදි.
මේ පනත මඟින් ජනතාවට ලැබෙන වාසි සම්බන්ධයෙන් ඔවුන් තුළ දැනුවත් භාවයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම සඳහා යම් කාලයක් ගත වනු ඇත. ඉන්දියාවේ ජනතාව පාරට බැස උද්ඝෝෂණ හා අරගල කරමින් මෙම අයිතිය දිනා ගත් ගත්හ.
මෙම පනත සම්බන්ධයෙන් ජනතාවට තේරුම් කරදීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ යුතුව තිබෙන අතර රාජ්‍ය ආයතන 4,000ක පමණ නිලධාරීන් 8,000ක් පමණ මෙම කාර්යය සඳහා යෙදවීමට රජය අපේක්ෂා කරයි.
ඒ අනුව සෑම අමාත්‍යංශයකම, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම, සෑම පොලිසියකම සහ රජයට සම්බන්ධ සෑම ආයතනයකම පාහේ තොරතුරු නිලධාරියෙකු පත් කිරීම සඳහා පුහුණු කළ යුතුය.