ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ මෙහෙයුම් ප්‍රතිපත්ති ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව විවාදයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රමාත්‍යවරයා අද (22)පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
19 ව්‍යවස්ථාව යටතේ සියලු මාධ්‍යවලට උපමාන නිකුත් කිරීමේ බලය මැතිවරණ කොමිෂමට තිබෙනවා.ඒ අනුවයි මේවා සකස් කර තිබෙන්නේ. 2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරණයේ දී රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබඳව මානව හිමිකම්වලට පැමිණිලි කර තිබුණා.දැන් මෙම උපමාන සභාවට ඉදිරිපත් කරලා, අනුමැතිය ඉල්ලනවා. මේක වැදගත් කාරණයක්.
මෙය මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභව ඉදිරිපත් කර තිබෙන ගැසට් පත්‍රයක්. මේ සභාවේ දෙපැත්තෙම අනුමැතිය ඉල්ලන්නේ.අපි මේ ගැන සාකච්ඡා කළ යුතුයි.මේ රටේ ඡන්දවලදී රාජ්‍ය මාධ්‍ය භාවිත කළ හැටි දැක් තිබෙනවා.අද අපිට අවස්ථාවක් ලැබී තිබෙනවා, හැම පක්ෂයක් සමඟම කතා කරලා,එකඟතාවයකට පැමිණෙන්න.
එම එකගත්වයයි මෙතැන ඉදිරිපත් කර තිබෙන්නේ.මේ සියල්ල මාර්ගෝපදේශ විතරයි.අපි අලුත් ව්‍යවස්ථාවේ දී යම් කිසි ක්‍රමවේදයක් ඇති කළ යුතුයි.අපි ඡන්ද ක්‍රමයට අලුත් ක්‍රමයක් ගෙන එන අවස්ථාවේ දී අලුත් ව්‍යවස්ථාවේ අලුත් වගන්තියක් ඇතුළ් කරන්න අවශ්‍යයි.ආණ්ඩු පක්ෂයේ වුවත් විරුද්ධ පක්ෂය වුවත් ඡන්දයකට යන වියදම දන්නවා.අපිට දැන්වීම් දන්න තියෙනවා.මැතිවරණ කාලයේ දී දැන්වීම් මිල වැඩි වෙනවා.එය පාලනය කරන්නට තිබෙනවා.
තර්ජන ගැන කතා කරනවා, මාධ්‍යවේදීන් කී දෙනෙකු මැරුවද? හැම පක්ෂයක් ම එකතු වෙලා ප්‍රශ්නයට මුහුණ දෙමු.අපි කොහොමද නියම මාධ්‍ය මාර්ගෝපදේශයක් එක්ක ඡන්දය කරන්නේ.ඔක්කොම එකතු වෙල,සාකච්ඡා කරන්න බැරි.කඩාකප්පල් කරන්න හදන්නේ. නිදහස් හා සාධර්ණ ඡන්දයකට විරුද්ධද? ඡන්දදයකය්න්ගේ මූලික අයිතිවාසිකම් ගැන කතා කරන අවස්ථාවේ එය යට ගහන්න හදනවාද?දැන් තියෙන්නේ නිදහස් හා සාධාරණ ඡන්දයක් ගෙනි යන එකයි.
පරණ ක්‍රමයට යනවද? හෙට තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගන්නවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ,යහපාලනය සඳහා වැදගත් කාරණා දෙකක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන කතා කරන්න. කඩාකප්පල් කරන්න එපා යැයි ද අග්‍රමාත්‍යවරයා පැවසී ය.