ගරු අග්‍රාමාත්‍යතුමාගේ පොසොන් පොහෝ දින පණිවුඩය-
දුනු දිය දල දඩ කෙලි ද හැර දමා එක්වනම අවිහිංසාවේ ධාර්මික මඟකට ප්‍රවිෂ්ට වීම රාජ්‍ය වංශිකයකුට එතරම්පහසු කටයුත්තක් විය නොහැකි ය. නමුත් මිහිඳු මාහිමියන්ගේ දහම් දෙසුමෙන් ඥානාවලෝකය ලබන දෙවන පෑතිස් රජු තෙරුවන් සරණ යන්නේ සමස්ත ජනතාව ද බුදු දහම කෙරෙහි අවදි කරමිනි.
මෙය අප දේශය තුළ සිදු වූ පැහැදිළි අධ්‍යාත්මික, සමාජ, සංස්කෘතික, දේශපාලන පෙරළියකි. ඉන් අනතුරුව බුදු දහම පාලන තන්ත්‍රයට ද, සමාජ ජීවිතයට ද, පුද්ගල විමුක්තියට දමඟ කියූ උත්තරීතර ධර්ම මාර්ගය විය.
මෙනයින් ගත් කළ පොසොන් පොහොය සමස්ත දේශය අවිහිංසාවේ ධර්ම මාර්ගයට පිළිපන් ඉතා වැදගත් කඩඉමක් ලෙස සැළකිය හැකි ය. සෑම පොසොන් පොහොය දිනකම නැවත නැවතත් අපි ඒ ධාර්මික විප්ලවයට අපේ ජීවිතයත්, සමාජයත් වෙනස් කරන්නට, අලූත් කරන්නට ඉඩදිය යුතු වෙමු. මේ ධර්මයේ
ඇසුර සෙවිය යුතු, ධර්මය තුළින් මනුෂ්‍යත්වය පොහොසත් කළ යුතු සමයකි. පොසොන් පොහොය නිමිති කොටගෙන සිදු කරන සියලූ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් බුදු දහමේ නිවහල් චින්තනය, අවිහිංසාව, මෛත්‍රිය පෙරදැරි කරගත් සද්කාර්යයන් ම විය යුතු ය. ඒ වෙනුවෙන් සැම සිත් පහන් වේවා.
තෙරුවන් සරණයි!
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය