නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළොන්නාවේ විපතට පත් ජනතාවට වන්දි ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලබා දෙනවා- මුදල් අමාත්‍ය රවී කරුණානායක Featured

    ජූනි 17, 2016

    ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට අත්තිකාරම් ගෙවීම සඳහා රුපියල් මිලියන 380ක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත ලබා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාව සහ නොසැළකිල්ල මෙන් ම චක්‍රලේඛවලට සීමාවී සිටීම හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේදී බාධා එල්ල වී ඇති බවයි. මෙම තත්ත්වය වහා වෙනස් කර ජනතාවගේ අවශ්‍යතාවන් සොයා බැලීමට වගකිය යුතු නිලධාරීන් චක්‍රලේඛවලට කොටු නොවී ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍යවරය අවධාරණය කළේ ය.

    අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (16) පෙරවරුවේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමටඑක් වෙමිනි.


    විපතට පත් පවුලක් වෙනුවෙන් රුපියල් 10,000 බැගින් අත්තිකාරම් ගෙවීම සඳහා කටයුතු සූදානම් කර තිබුණ ද, මෙතෙක් එම කටයුතු ප්‍රායෝගික තත්ත්වයන් හේතුවෙන් ප්‍රමාද වී ඇති බව එහි දී අනාවරණය විය.

    ප්‍රදේශයේ විපතට පත් පවුල් සංඛ්‍යාව 24,518ක් බව රැස්වීමට එක් වූ කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා පැවසීය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහි දී කියා සිටියේ අදාළ මුදල් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත යැවීමට පියවර ගන්නා බවයි.

    විපතට පත් ජනතාවට සහන සැලසීම ප්‍රමුඛ කොට සැලකිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අවශ්‍ය මුදල් ලබා දීමේ කිසිදු බාධාවක් නොමැති බවයි.

     

    ඒ සඳහා රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ප්‍රමාණවත් නොවේ නම්, එය සුදුසු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට වුව ද හැකි බව රවී කරුණානායක මහතා පෙන්වා
    දුන්නේ ය.

     

    එහෙත් මෙම මුදල් බෙදී යන ආකාරය පිළිබඳ ගැටලු පවතින බවත්, ස්ථිර පදිංචිකරුවන්ට, කුලී, තාවකාලික, අනවසර යන පදනම මත රැඳී සිටින සියලු ම ජනතාවට මෙම මුදල් ලබා දීම සම්බන්ධයෙන් ගැටලු පැන නැගී ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ය.

     

    ඊට පිළිතුරු දුන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ, කුමන පදනමකින් ජීවත් වුව ද ඔවුන් විපතට පත්ව ඇති නිසා සියලුම පවුල් සඳහා රුපියල් 10,000 දීමනාව කඩිනමින් ලබා දිය යුතු බවයි. ලබන සෙනසුරාදා (18) වන විට මෙම අත්තිකාරම් මුදල සියලු ම පවුල් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් ලබා දුන්නේ ය.

     

    මෙම අවස්ථාවට පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේම්ජයන්ත් යන අමාත්‍යවරු මෙන් ම බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, මුජුබර් රහුමාන්, එස්.එම් මරික්කාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රජයේ නිලධාරීහු ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya