නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස තුනකින් රේගුවට නවීන ස්කෑන් යන්ත්‍රයක් Featured

    ජූනි 16, 2016

    ශ්‍රී ලංකාවට ඇතුළු වන සියලු ම බහාලුම් පරීක්ෂාවට ලක් කළ හැකි ආකාරයේ නවීනතම ස්කෑන් යන්ත්‍ර සවි කිරීම ඉදිරි මාස තුනක කාලය තුළ සිදු කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.


    මීට අදාළ ටෙන්ඩර් කැඳවීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එමගින් ශ්‍රී ලංකාවට ඇතුළු වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ඇතුළු සියලු දෑ හඳුනා ගැනීමට හැකියාව උදා වන බවයි.

     

    රේගුව තුළ මෙවැනි තාක්ෂණික ක්‍රම ස්ථාපනය කිරීමට උත්සහ ගැනීමේ දී විපක්ෂයේ ඇතැමුන් ඊට බාධා එල්ල කරන බවත්, එමගින් ඔවුන්ට මෙම ක්‍රම මගින් සිදුවන අගතිය පැහැදිල බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.


    මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා මේ බව කියා සිටියේ  ඊයේ (15) මුදල් අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ය.

     

    නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රට තුළ කිසිදු ඉඩක් නොමැති බවත් ශ්‍රී ලංකා රේගුව, පොලීසිය මෙන් ම මුදල් අමාත්‍යාංශයේ නව වැටලීම් ඒකකය ද ඉතා ම කැපවීමෙන් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා හෙතෙම අවධාරණය කළේ ය.

     

    ජාවාරම්කරුවන් හඳුනාගැනීම සඳහා සියලු අංශ එක්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ අවශ්‍ය වන්නේ නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම් හඳුනා ගැනීම මිස එය සොයා ගත්තේ කුමන පාර්ශ්වය ද යන වග නොවන බවයි.

     

    විපක්ෂයට සම්බන්ධ ඇතැම් වෙබ් අඩවි කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීම පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු කර ඇති බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

     

    මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, රේගු අධ්‍යක්ෂ ලාලිත වීරසිංහ, ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, මුදල් අමාත්‍යාංශයේ මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානී වින්ග් ක්මාන්ඩර් රවී ජයසිංහ යන මහත්වරු එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya