නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනන ලබන 23 දා පාර්ලිමේන්තුවට

    ජූනි 15, 2016

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    මෙම පනත සම්බන්ධයෙන් විවාදය සම්පූර්ණ දිනයක් පැවැත්වෙන අතර සියලු මන්ත්‍රීවරුන්ගේ අදහස් මත එය සම්මතවනු ඇතැයි අපේක්ෂා කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මීට වසර 20කට පෙර සිට ශ්‍රී ලංකාවේ මෙම පනත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙම පනත් ගෙන ඒමට කටයුතු කළ ද එය අසාර්ථක වූ බව ද සඳහන් කළේය.

     

    සමහර රටවල් සටන් කර ලබා ගත් මෙම අයිතිය ජනාධිපතිවරයා ජනාධිපතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ඉතා විනිවිද භාවයෙන් යුතු යහපාලනයක් ගෙන යන බව රට ලෝකයට ඔප්පු කරමින් මෙම පනත ගෙන එන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

     


    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනතා ජයග්‍රහණයක් ලෙස මෙම පනත ලැබෙන බවයි.

     

    කතානායකවරයා පෞද්ගලික මන්ත්‍රී පනතක් ලෙස ද පාර්ලිමේන්තුවට මෙම පනත ඉදිරිපත් කිරීමට යෝජනා කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya