ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය විසින් අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරුණු ජනමාධ්‍ය ඩිප්ලෝමා සහතික පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
ජනමාධ්‍ය වගකීමක් ඇති වෘත්තියක්. ජනමාධ්‍ය විෂය, ජනමාධ්‍යවේදීන් ලෝකයේ සෑම රටකම සම්භාවණීය මට්ටමකට පත්ව තිබෙනවා. පාසල් දරුවන් පවා දැන් පාසල් විෂයක් ලෙස ජනමාධ්‍ය හැදෑරීමට උනන්දුවක් දක්නවනවා.
දේශපාලකයන් වුවත් පාලකයන් වුවත් සිදු කරන දූෂණ,වංචා හරිහැටි වාර්තාකර රටක් නිවැරදි තැනකට ගමන් කරවීම ජනමාධ්‍යවේදීන් කළ යුතුයි. ඒ සඳහා ජනමාධ්‍ය පුහුණු පාඨමලා ශක්තියක්.
ජනතාවගේ පෙරගමන්කරුවා බවට ජනමාධ්‍ය පත් වෙලා.ජනමාධ්‍ය පුහුණුවක් ලැබීම ඉතාම වැදගත්.ඕනෑම වෘත්තියක පුහුණුවක් ලැබීම අත්‍යාවශ්‍යයි.අද නූතන මාධ්‍යවේදීන්ට මෙවැනි පුහුණුවීම් මෙවැනි ආයතන මඟින් ලබාගත හැකියි. පැරණි මාධ්‍යවේදීන්ට මෙම අවස්ථාවන් ලැබුණේ නෑ.ඔවුන් සාර්ථක වුණේ තමන් දීර්ගකාලයක් ලැබූ අත්දැකීම් ලබාගනිමින්.
ජනමාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙනවා,රටේ ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමට.රටක් නොමඟ යැවීමටත්, සුමඟට යැවීමටත් ජනමාධ්‍යවේදීන්ට කළහැකියි. ජනමාධ්‍ය ඒ තරම් ම ප්‍රබලයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සභාපති ආචර්ය ධර්මසේන පතිරාජ මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ දේවප්‍රිය අබේසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහ සිසු සිසුවියන්ගේ දෙමව්පියවරු එක්ව සිටියහ.