නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසිතුරු මසුන් ඇල්ලීමේ මුහුදු සීමා ලිහිල් කෙරේ

    ජූනි 09, 2016
    රටට විශාල විදේශ විනිමයක් වාර්ෂිකව උපයන විසිතුරු මසුන් අපනයනකරුවන් මෙන්ම විසිතුරු මසුන් ඇල්ලීමේ නිරතවූවන් මුහුණ දී සිටි ප්‍රධාන ගැටළුවක් වූ මුහුදු සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  දිලීප් වෙදආරච්චි මහතා පැවසීය.
    එකී රෙගුලාසි ලිහිල් කිරීමේ චක්‍රලේඛය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    විසිතුරු මත්ස්‍ය කර්මාන්තය වෙරළට ඉතා ආසන්නව සිදු කළ යුතු කර්මාන්තයක් බැවින් ඔවුන් සදහා විශේෂිතවු හැදුනුම්පතක් හා බලපත්‍රයක් නිකුත් කිරීම අවශ්‍යතාවයද විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමය ඉදිරිපත් කළ 
    ගැටළු අතර වේ. 
     
    මෙම ගැටළුවලට පිළියම් වශයෙන් විශේෂිත කොන්දේසි ඇතුළත් චක්‍රලේඛය නිකුත්ව ඇත.එම චක්‍රලේකයට අනුව හක් බෙල්ලන් සහ මුහුදු කූඩැල්ලන්  ඇල්ලීම සඳහා ලබා ගන්නා ස්කුබා බලපත්‍ර යොදා ගනිමින් පොකිරිස්සන් හා විසිතුරු මසුන් ඇල්ලීම මෙන්ම හැඹලි දැල් (ලයිලා, සුරුක්කු) කර්මාන්තයේ යෙදීම නොකළ යුතුය.එකී කොන්දේසි උල්ලංඝණය කරන්නන්ගේ බලපත්‍ර වහාම අවලංගු කෙරේ.
     
    මෙම චක්‍රලේඛයට අනුව විසිතුරු මසුන් සඳහා ස්කුබා මෙහෙයුම් නිකුත් කිරීමේදී වෙරළේ සිට දුර සිමාවන් අදාළ නොවේ.
     
    විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සුරක්ෂිත කර කර්මාන්තයේ අනාගත යහපත වෙනුවෙන් තවදුරටත් කැපවී කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya