රජයේ ප්රවෘත්ති දෙපාර්මේන්තුවේදී නව ධූරයේ වැඩ භාර ගනිමින් අද (06) ඒ මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඒ මහතා ඩෙන්මාර්කය මුලස්ථානය කරගත් ආසියා පැසිෆික් ජාත්‍යන්තර මාධ්‍ය පුහුණු ආයතනයේ කලාපීය උපදේශකයා වූවේද ඔහුය. කලන්සූරිය මහතා මලයාසියාව, පකිස්තානය ඇතුළු ආසියා පැසිෆික් රටවල මාධ්‍යවේදීන් පුහුණු කරන උපදේශකවරයෙකි.
ඒ මහතා ප්‍රකාශ කළේ මෙම වකවානුවේ සිදු වන ප්රජාතන්ත්රවාදී වෙනස සම්පූර්ණවීමට නව මාධ්‍ය ප්‍රතිසංස්කරණක් අවශ්‍ය බවයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.