නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යවස්ථා කමිටු වාර්තාව කතානායකවරයාට භාර දෙයි

    ජූනි 02, 2016

    යුක්තිගරුක, විනය ගරුක  සාධාරණ සමාජයක් වෙනුවෙන් ජනතාව තුළ තිබෙන  අපේක්ෂාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම් කමිටු වාර්තාව තුළ ඇතැයි කතානායක කරු ජයසූරීය මහතා පැවසීය.

    එම වාර්තාව නිල වශයෙන් කතානායකවරයා භාරදීම ඊයේ (01) සිදු වූ අතර ලෝකයේ  හොඳම  ව්‍යස්ථාව  මේ රටේ හදන්නට සමහර විට බැරි වුවත් මෙය ඒ සඳහා හොඳ ප්‍රවේශයක් වන බවට කිසිදු සැකයක් නැති බවත් කතානායකවරයා සඳහන් කළේය.

     

    මාස කිහිපයක් පුරා රටේ සතර දිග් භාගයේම විවිධ සමාජ ස්ථරවල  අදහස් ගැඹුරින් අධ්‍යනය කරමින් මෙවැනි වාර්ථාවක් සකස් කිරිමට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. එම වටිනා වාර්ථාවේ ඇති සෑම  අදහසක්ම  සෑම අකුරක්ම නිසි සැලකිල්ලෙන් යුතුව  පාර්ලිමේන්තුව විසින් සලකා බලනු  ඇති බවට කතානායකවරයා මෙහිදී  සහතික විය.

     

    මෙම වාර්තාව තුළ ජනතාව ඉදිරිපත්කළ ඉතාම තියුණු වැදගත්  අදහස් රැසක්  ඇතුල් කර තිබෙන බවත් ආදී වාසීන්ගේ අදහස්, ආබාධිතයන්ගේ  අදහස්, ගොළු ජනතාවගේ අදහස් පවා විවිධ ක්‍රමවලින් ලබාගෙන  මෙයට  ඇතුලත් කර තිබෙන බවත් මෙම කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක මහතා පැවසීය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ සැබැවින්ම  මෙය  පුළුල් සමාජ ගවේශණයක් සිදු කර තිබෙන අතර කිසිදා  අවධානය යොමු නොකල බොහෝ ජනතා ප්‍රශ්න හඳුනා ගෙන මෙහි ඇතුලත් කර තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    අපි නැවතත් නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන යහපාලනය ක්‍රියාත්මක වන ගමනක් යන ආකාරය දෙස  බලය බෙදීම පිළිබදව දේශපාලනීකරණයෙන්  රාජ්‍ය  සේවය මුදා ගැනීම පිළිබඳව  විවිධ  අසමානකම් දුරලීම  පිළිබඳව  මෙහි  අඩංගු අදහස් නව දේශපාලන සංස්කෘතියක පදනම සකස් කරනු ඇතැයි කතානායකවරයා පෙන්වා දුන්නේය.

     

    මෙම වාර්තාව තුළ ජනතාව ඉදිරිපත් කළ ඉතාම තියුණු වැදගත්  අදහස් රැසක්  ඇතුල් කර තිබෙන බව එම කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක මහතා පැවසීය.

     

    ආදී වාසීන්ගේ අදහස්, ආබාධිතයන්ගේ  අදහස්,ගොළු ජනතාවගේ අදහස් පවා විවිධ ක්‍රම වලින් ලබාගෙන  මෙයට  ඇතුලත් කර තිබෙන බවත් සැබැවින්ම  මෙය  පුළුල් සමාජ ගවේශණයක් කිසිදා  අවධානය යොමු නොකල බොහෝ ජනතා ප්‍රශ්න හඳුනා ගෙන මෙහි ඇතුලත් කර තිබෙන බවත් ඒ මහතා සඳහන කළේය.

     

    පරිඡේද 22 කින්  සමන්විත වාර්ථාවෙහි පහත සඳහන් කරුණු ඇතුළත් වේ.

     

     01.රාජ්‍ය ස්වරූපය,

    02.ආණ්ඩුක්‍රමයේ  ස්වරූපය,

    03.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි  මුලික ව්‍යුහය,

    04.පුරවැරසිභාවය, ආගම, මුලික  අයිතිවාසිකම්, භාෂා අයිතිය හා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම,මුලධර්ම,

    05.ව්‍යවස්ථාදායකය (ඒකීයසභා/ද්විසභා)

    06.පාර්ලිමේන්තුව ප්‍රමුඛ විය යුතුද? / ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ප්‍රමුඛ විය යුතුද

    07.ව්‍යවස්ථාදායකය,විධායකය හා අධිකරණය  අතර බලය වෙන් කිරීම

    08.අධිකරණයේ ස්වාධිනත්වය හා උසාවි ව්‍යුහය

    09.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

    10.බලහවුල් කාරීත්වය,බලය පැවරීම හා පලාත් පාලන ආයතන

    11.කේන්ද්‍රයේ බල හවුල්කාරීත්වය

    12.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හා ස්වාධින කොමිසන් සභා

    13.රාජ්‍ය සේවය

    14.මැතිවරණ ප්‍රතිසංස්කරණ

    15.පනත් ලිපිබඳ අධිකරණ සමාලෝචනය

    16.පාර්ලිමේන්තු ක්‍රමය යටතේ ජනාධිපතිගේ බලතල

    17.පාර්ලිමේන්තු ක්‍රමය යටතේ ජනාධිපති පත් කිරීම

    18.මහජන ආරාක්ෂාව

    19.මූල්‍ය කටයුතු

    20.වෙනත් කරුණු

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya