අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් පියවර ගෙන ඇති අතර එම සමථ මණ්ඩල සභිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද එදින සිදුවිය.
උතුරු පළාත් ජනතාවගේ සිය පාරම්පරික ඉඩම් හා නිවාස පැවති යුදමය වාතාවරණයේදී අහිමී වූ අදාළ ඉඩකඩම් හා නිවාස දේපලවල සැබෑ අයිතිකරුවන් නීත්‍යානුකූලව හඳුනාගැනීම සිදු වන බවත් ඔවුන්ගේ එම දේපල අයිතිය නිවැරදිව පවරා දීම සඳහා රජය කාලාවරෝධ විශේෂ විධිවිධාන පනත ද පසුගිය දා පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ අතර, එමගින් උතුරු පළාතේ පදිංචි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ගැනිම පිළිබඳව පවතින ගැටලු විසඳා ගැනීමට හැකි වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනතාව අතර පැන නගින ආරවුල් ගැටලු විසඳීම සඳහා දිවයිනේ සමථ මුල මණ්ඩල 334 ක් ක්‍රියාත්මක වන අතර, එහි සමථකරුවන් 8,200කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් සේවය කරති.
1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත යටතේ පිහිටුවා තිබෙන සමථ මණ්ඩල කොමිෂන් සභාවලට සමථ මූල බල ප්‍රදේශයේ සිදු වන ආරවුල්, චංචල හෝ නිශ්චල දේපල වල සිදු වන ආරවුල්, ගිවිසුම් සම්බන්ධ ආරවුල් හා අධිකරණයේ නඩු නිමිත්තක් ඇති ඕනෑම ගැටලුවක් විසඳීමේ බලය පැවරී ඇත.
රුපියල් ලක්ෂ 05කට අඩු ණය ආරවුල්, චංචල හා නිශ්චල දේපල සම්බන්ධව පවතින ගැටලු ද මෙම සමථ මූල මණ්ඩල මගින් ජනතාවට විසඳා ගැනීමට නීතියෙන් ඉඩ කඩ ලබා දී ඇතැයි අධිකරණ අමාත්‍යෘශය පවසයි.
මෙම සමථ මූල මණ්ඩල සඳහා වසරකට මහජන පැමිණිලි ලක්ෂ 02කට ආසන්න සංඛ්‍යාවක් යොමු වන අතර, එයින් 50%කට වැඩි සංඛ්‍යාවක් විසඳෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මෙම අවස්ථාවට අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල , ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වුහ.