නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලාශ 75%කින් පිරෙයි - ජලවිදුලි නිෂ්පාදන 50%කට වැඩි වෙයි Featured

    මැයි 23, 2016

    රටේ විදුලිය නිෂ්පාදනය කරන ප‍්‍රධාන ජලාශ සියල්ලම 75‍% කට වඩා ලැබුණු වර්ෂාවත් සමඟ පිරී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේය.

     කෑගල්ල අටාල ප‍්‍රදේශයේ නායයෑම් අවදානම් සහිත ප‍්‍රදේශයෙන් ඉවත් කරන ලද අවතැන් වූ පිරිසක් රැදී සිටින අවතැන් කඳවුර නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙම අයහපත් කාලගුණ තත්ත්වය පවතිද්දී ජලාශ පිරීයාම නිසා රටේ නිපදවන විදුලියෙන් 50‍% වැඩි ප‍්‍රමාණයක් අද වන විට ජල විදුලියෙන් නිපදවනු ලබන බවත් එය අතිශයින්ම වැදගත් තත්වයක් බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    මේ වන විට ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමේ අවධානමක් නොමැති බවත් නමුත් පසුගිය සතිය තුළ සමස්ත ඉතිසාසයේම වැඩිම විදුලි බිඳ වැටීම් සංඛාව වාර්තා වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය. “කෙසේ නමුත් අපි ඒ සඳහා සාර්ථකව මුහුණ දෙමින් විදුලි බිඳ වැටීම් ඉතාමත් කඩිනමින් යථා තත්වයට පත් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අපේ සේවකයන්ගේ පැය 24 පුරාම අඛණ්ඩව කල සේවයේ ප‍්‍රතිථලයක් වශයෙන්.

    ඒ වගේම මේ මොහොතේ දැඩි කැපවීමෙන් ජනතාවට සහන සැලසීමට කටයුතු කල රාජ්‍ය නිළධාරීන් සියළු දෙනාම අපි ඉතා ඉහළින් අගය කල යුතුයි. මේ සියලු දෙනාගේ කැපවීම නොවන්නට එළබි තත්ත්වය සාමාන්‍ය මට්ටමට අපට ගෙන ඒමට හැකියාවක් ලැබෙන්නේ නෑ."

    මේ අවස්ථාවේදී කඳවුරුවල වෙසෙන ජනතාවට සහ පාසල් දරුවන්ට අමාත්‍යවරයා අතින් අධාර ලබාදීමද සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya