ජනාධිපතිතුමා ඇතුඑ දූත පිරිස බ්‍රිතාන්‍ය මහ රැජිනගේ විශේෂ නියෝජිතවරයෙක් වන නියෝජ්‍ය ලූතිනන් බෘස් හෝල්ඩර් (Bruce Holder) මහතා සහ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නියෝජිත කැත්රින් කොල්වින්(Kathryn Colvin) මහත්මිය ඇතුඑ පිරිසක් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී. ශ්‍රී ලංකාවේ වැඩබලන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සුගීෂ්වර ගුණරත්න මහතා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ද ජනාධිපතිතුමා පිළිගැනීමට එක්ව සිටියහ.
අද (12) බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙරවරු 10.00ට (මෙරට වේලාවෙන් පස්වරු 02.30ට) පමණ ලන්ඩන් නුවර (Lancaster House) හි දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දූෂණ විරෝධී අන්තර්ජාතික සමුඑව ආරම්භ කෙරෙන අතර ආරම්භක දිනයේදීම ජනාධිපතිතුමා එම සමුළුව ඇමතීමට නියමිතය.
ජගත් රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී අල්ලස, දූෂණය සහ අක්‍රමිකතා වැලැක්වීමට නව රජය ගෙන ඇති පියවර පිළිබඳව ලෝක නායකයන් දැනුවත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගනු ඇත.
(ඡායාරූප - සුදත් සිල්වා )