ශ‍්‍රී ලංකාවාසී ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ පරමාර්ථය පෙරදැරිය වසරක් පසා පවත්වනු ලබන ජාතික පෝෂණ මාසය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේඋපදෙස් පරිදි මෙවරද 2016 ජුනි මාසයේ පැවැත්වීමට සැළසුම් කොට ඇත.
ඒ අනුව ''හැඩට ඉන්න - මැනලා කන්න'' ''යන තේමාව යටතේ ජාතික, පළාත්, ප‍්‍රාදේශීය හා ග‍්‍රාමිය මට්ටමින් විවිධ වැඩසටහන් හා ක‍්‍රියාකාරකම් ක‍්‍රීයාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව මෙහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජුනි මස 06 දින කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.