එම වැඩසටහන "දකිමු විදිමු සහ රකිමු" යන තේමාව යටතේ මෙම වැඩසටහන් පැවැත් වේ.
එක් එක් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සංචාරක ආකර්ෂණයක් සහිත එහෙත් මේ වන විටත් සංචාරක අවධානය යොමු නොවූ ස්ථාන, සංස්කෘතික උරුමයන් ,ප්‍රදේශයට ආවේණික ආහාර වර්ග යනාදීය පිළිබඳ සංචාරක වැඩසටහන් වාර්තා මාලාවක් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සකස් කර සංචාරක ප්‍රවර්ධනය කිරීමට සමාජ මාධ්‍ය යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
සංචාරක ව්‍යාපාරය තුළින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට ප්රතිලාභ හිමි කර දීම සඳහා දේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ ඊට අවශ්‍ය පහසුකම් සලසා දීම මෙම වැඩසටහනේ අරමුණ වන මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැති ද ලැබී ඇත.