ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියේ පුරප්පාඩු සදහා නිලධාරීන් 3,859 දෙනෙකු බඳවා ගැනේ. තෝරා ගත් නිලධාරීන්ගේ නාම ලේඛණය www.moe.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇත. එම නිලධාරීන් සදහා සේවාරම්භක පුහුණුව දිවයිනේ සියළුම පළාත්වල මැයි 09 වනදා ඇරඹෙන අතර සති 6 ක සේවාරම්භක පුහුණුවක් මෙහිදී ලබා දෙනු ඇත.