නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකාවේ රෝහල්වලට ශ‍්‍රී ලංකාවෙන් සාත්තු සේවිකාවන් බඳවා ගැනේ

    මැයි 05, 2016

    ඇමරිකා එක්සත් ජනපදයේ රෝහල් සඳහා ශ‍්‍රී ලාංකීය සාත්තු සේවිකාවන් බඳවා ගැනීම සඳහා වූ ගිවිසුමක් ඊයේ (04) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්සන් කෙරිණි.

     කාර්යාංශය හා ඇමරිකානු රජයේ ලියාපදිංචි විදේශ ශ‍්‍රමිකයින් බඳවා ගැනීමේ ආයතනයක් වන ”කර්ම” සේවා ආයතනය මෙම ගිවිසුමට එළඹිණි.

    මෙම ගිවිසුම අවුරුදු 5කට වලංගු වන අතර 30,000 කට අධික රැකියා ප‍්‍රමාණයක් ඇත. මෙසේ රැකියාවට යොමුවන සාත්තු සේවිකාවන් සඳහා රැකියා ගිවිසුම් කාලය වසර 3කි.

    ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පිරිස විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය හා අමාත්‍යංශයේ ලේකම් ජී. එස්. විතානගේ මහතා හමුවූහ. එහිදී අමාත්‍යවරිය සඳහන් කළේ මෙසේ ප‍්‍රථම වරට බටහිර රටක රැකියා අවස්ථාවන් ලාංකිකයින්ට විවර වීම මහඟු අවස්ථාවක් බවයි.

     ඊට අමතරව හෙද නිළධාරීන් බඳවා ගැනීමේ ක‍්‍රමවේදය, පුහුණු කිරීම් කටයුතු යනාදිය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාවට ලක් විය.  මේ යටතේ පළමු කණ්ඩායම ඉතා ඉක්මණින් බඳවා ගැනීමටත්, කාර්යාංශය මඟින් පවත්වාගෙන යනු ලබන පුහුනු මධ්‍යස්ථානයක පුහුණුවීම් කටයුතු සිදුකිරීමටත් තීරණය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya