නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමා සිදු කළේ අලූත් වැඩපිළිවෙළක් ජයග‍්‍රහණය කරවා රටට නොගැළපෙන වැඩපිළිවෙළ පරාජය කිරීම බව ජනපති පවසයි Featured

    අප්‍රේල් 11, 2016

    එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පරාජය කර ආණ්ඩු හැඳු බවට ඇතැමුන් තමන්ට චෝදනා නැ`ගුවද තමා විසින් සිදු කළේ අලූත් වැඩපිළිවෙළක් ජයග‍්‍රහණය කරවා රටට නොගැළපෙන වැඩපිළිවෙල පරාජය කිරීම බව ජනාධිපතිතුමා පවසයි.

    එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩු කිරිමට පළමුව ගිවිසුම්වලට එළැඹුනේ තමා නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පැවසූ ජනාධිපතිතුමා 2007 එළැඹුනු එම ගිවිසුම අසාර්ථක වූ හෙයින් මහින්ද රාජපක්ෂ මහතා සිදු කළේ එජාප නායකයින් 27 දෙනෙකු ආණ්ඩුවට ගෙන ඇමතිකම් දී ආණ්ඩු කිරීම බවද ප‍්‍රකාශ කළේය.

     

    එය තම දේශපාලන දර්ශනය තුළ සදාචාරවත් නොවන බැවින් 2014 නොවැම්බර් මාසයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස අත්සන් තැබූ ගිවිසුම එළසින්ම ආරක්ෂා කර ගනිමින් රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එක් කර ගනිමින් ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 56 ජනතා ජයග‍්‍රහණයේ 60 වස් මතක සැමරුම් උත්සවයට එක්වෙමිනි.

     

    56 බිහිවූ දේශපාලන දරුවෝ ලෙස සැම විටම අංක එක ලබා දෙන්නේ රට සහ ජනතාව වෙනුවෙන් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා බණ්ඩාරනායක ශී‍්‍රමතාණන්ගේ දර්ශනය තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ කාර්යය ඉටු කරමින් එය ආරක්ෂා කර ගැනීමට කැපවන බවද ප‍්‍රකාශ කළේය.

     

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 56 ජනතා ජයග‍්‍රහණයේ 60 වස් මතක සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ චිත‍්‍ර ප‍්‍රදර්ශනයද මෙහිදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    ඒ වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ සමරු මුද්දරයද මෙහිදී එළිදැක්වුණු අතර තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඞ් මහතා විසින් එහි පළමු මුද්දරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය.

    මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද, හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, අළෙවි මවුලානා යන මහත්වරුන් ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya