බෙයිජිං නුවර ඩ්යොයුතායි (Diaoyutai) රාජ්‍ය නවාතැන් ශාලාවේ පැවති මෙම සාකච්ඡාවේදී පක්‍ෂ දෙක අතර මිත්‍රත්වය තහවුරු කරලීමේ සැලසුම් ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂයේ 70 වන සංවත්සර උළෙල සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වන ලෙස වික්‍රමසිංහ මහතා සොං තඕ මහතාට ආරාධනා කළ අතර, ඊට සහභාගී වීමට තමා බලවත් කැමැත්තෙන් සිටින බව තඕ මහතා ස්තුති පූර්වකව දන්වා සිටියේය.
බලයේ සිටින අවස්ථාවලදී පමණක් නොව, රාජ්‍ය බලය නොමැති අවස්ථාවලදීත් චීන කොමියුනිස්ට් පක්‍ෂය, එක ලෙසින්ම එක්සත් ජාතික පක්‍ෂය සමග සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර සිටියේය.
විපක්‍ෂනායකවරයා ලෙස අවස්ථා කීපයකදීම චීන සංචාර සඳහා චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව තමන් වෙත ආරාධනා කළ බවද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.
රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන් පසෙක ලා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා මේ අයුරින් තමන් සමග සාකච්ඡාවන් සඳහා එක්වීම චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව වෙත දක්වන ලද ගෞරවයක් සේ සලකන බව අමාත්‍ය සෙං තඕ මහතා පැවසීය.
මංගල සමරවීර, මලික් සමරවික්‍රම, සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන් ද, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ එක්සත් ජාතික පක්‍ෂයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකාරක මහින්ද හරදාස යන මහත්වරුන්ද, මේ අවස්ථාවට එක්වී සිටියහ.
AP