නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා චීනය අතර විශේෂ ගිවිසුම් 7කට අත්සන් තැබේ Featured

    අප්‍රේල් 08, 2016

    චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර විශේෂ ගිවිසුම් 7 කට චීන අග්‍රාමාත්‍ය ලී ක’චියාන් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ  (07) පස්වරුවේ චීන මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණ. 


    එහිදී නිශ්චිත වරදකරුවන් හුවමාරු කර ගැනීම, වෙළෙඳ සහ ආයෝජන අවබෝධතා ගිවිසුම, තාක්‍ෂණ අවබෝධතා ගිවිසුම, වකුගඩු රෝග පරීක්‍ෂා කිරීමේ ජංගම රථ ව්‍යාපෘතිය, චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අවබෝධතාව, දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීම සහ චීන ස්වාභාවික විද්‍යා පදනම සහ ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම යන ගිවිසුම්වලට ‍මෙහිදී අත්සත් තැබීය.

    විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු සහ ජාතික විද්‍යා පදනමේ සභාපතිනී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය මෙම ගිවිසුම්වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya