ශ්රී ලංකාවේ වාර්ෂිකව ක්ෂය රෝගීන් 9,000 පමණ වාර්තා වන බවත් මරණ අනුපාත හා සංඛ්‍යා ලේඛණ වලට ගොනු නොවී ක්ෂය රෝගය කඩිනමින් තුරන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම මස 24 දිනට යෙදී තිබූ ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙවර ලෝක ක්ෂය රෝග දින තේමාව වන්නේ “එක්වෙමු - ක්ෂය රෝගය දුරලමු“ යන්නයි.
ක්ෂය රෝගය පිළිබඳ අග්නිදිග ආසියානු කළාපීය රැස්වීම ඉන්දියාවේ දී පසුගියදා පැවැත්විණි. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාවත්, මාලදිවයිනත් ක්ෂය රෝග මර්දන වැඩපිළිවෙළට කඩිනමින් අවතීර්ණය විය යුතු බව අවධාරණය කර තිබේ.
මැලේරියාව අප රටින් තුරන් කර අවසන් කර තිබෙන අතර බරවා රෝගය තුරන් කිරීමේ සහතිකය ලබන සැප්තැම්බර් මස ලබා ගැනීමට කටයුතු කරන බවත් ක්ෂය රෝගය තුරන් කිරීමේ සහතිකයත් ලබාගත යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
සති දෙකක් ප‍්‍රතිකාර ලබාගත් පසු ක්ෂය රෝගය බෝනොවන බව පෙන්වා දුන් ඒ මහතා එම නිසා එම ආසාධිතයින් කොන් නොකරන ලෙස ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ක්ෂරෝගය තුරන් කිරීමේ නව උපදෙස් මාලා සැලැස්මක් ද නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදීම මෙහිදී සිදු විය.