දකුණේ මාධ්‍ය සහෝදරත්වය සහ උතුරේ මාධ්‍ය සහෝදරත්වය එකට යා කෙරෙන "තල්පතයි පන්හිඳයි එකට යා කෙරෙන සංහිඳියාවේ මාධ්‍ය චාරිකාව වැඩසටහනේ දෙවැනි දිනය වන අද දින මෙම මාධ්‍ය ආයතනවල නිරීක්ෂණය සිදු විය.
උදයන්, වාලම්පුරි, Dan TV News, තිනකුරල් යන මාධ්‍ය ආයතන වෙත අමාත්‍යවරයා ඇතුළු පිරිස ගිය අතර සුහඳ සාකච්ඡාවක ද නිරත වූහ.
එම මාධ්‍ය ආයතන ඉතා සුහදව අමාත්‍යවරයා ඇතුළු දකුණේ මාධ්‍ය කණ්ඩායම පිළිගත් අතර මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු මාධ්‍යවේදීන් ප්‍රසාදය පල කළේය.