අලව්ව රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.
විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර විද්‍යාලයේ ශිෂ්‍ය භට බලකායේ උත්තමාචාරය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
සමරු ඵලකය නිරාවරණය කර තාක්ෂණ පීඨය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබද සොයා බැලීය.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද විදුහල්පතිනි ඒ පුෂ්පා රෝහිනි මහත්මිය ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, අදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
pmdnews