අද, හෙට (27) සහ අනිද්දා (28) යන තෙදින මේ සඳහා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ සහ මාධ්‍ය සංවිධාන නියෝජිතයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය චාරිකාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට යාල් දේවී දුම්රියෙන් යාපනය දක්වා ගමන් කිරීම සිදු වේ.
ප්‍රහාරයට ලක් වූ මාධ්‍ය ආයතන හමුව, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වල හමුවීම, මාධ්‍යවේදීන් මුහුණදෙන ගැටලු ගැන ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීම මෙම වැඩසටහන් අතර වේ.
එසේම මාධ්‍යවේදීන්ට සහන මිලට පා පැදි ප්රදානය කිරීම ද සිදු වන අතර ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල් සඳහා ඉදිකෙරෙන නිවාස සඳහා මුල්ගල තැබීම සිදු කිරීමට ද නියමිතය.