නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව‍ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරනවා- අමාත්‍ය ෆයිසර් මුස්තෆා Featured

    මාර්තු 19, 2016

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම වැළැක්වීමට පළාත් පාලන මැතිවරණය කල්දමන බවට ඇතැම් දේශපාලන පක්ෂ නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

     ඔහු ප්‍රකාශ කරන්නේ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස තම වගකීම දේශපාලන පක්ෂ ආරක්ෂා කිරීම නොව, රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීම බවයි.

     

    පළාත් පාලන මැතිවරණය කල්දැමීම පිළිබඳව විවිධ දේශපාලන පක්ෂ දක්වන අදහස් වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    "කොට්ඨාශ සීමා නීර්ණය නිසියාකාරව සිදුනොවී ඇති බවට සියළුම දේශපාලන පක්ෂ චෝදනා කළා. එම නිසා සියලුම දේශපාලන පක්ෂ වල නියෝජිතයෙකුගෙන් සමන්විත අභියාචනා කමිටුවක් පත්කළා. එම කමිටුවේ ජනතා විමුක්ති පෙරමුනේ නියෝජිතයෙකුත් ඉන්නවා. ඒ අනුව කොට්ඨාස සීමා නීර්ණය නිසියාකාරව සිදුකරලා මැතිවරණය තියන්න තමයි මම බලාපොරොත්තුවෙන්නේ. එහෙම නොවුනොත් අතිගරු ජනාධිපතිතුමාගේ ජනවරමට එරෙහිවීමක් වෙනවා. ඒ වගේම පවතින නීතියට පටහැනිව මැතිවරණය තියන්න බෑ. මම දේශපාලන පක්ෂ වලට කියන්නේ, කොට්ඨාස සීමා නීර්ණයේ අභියාචනා සලකා බලන්න සාධාරණ කාලයක් ලබාදෙන්න" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya