නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි වසර තුළ අධ්‍යාපනයේ කැපී පෙනෙන වෙනසක්

    පෙබරවාරි 27, 2016

    නව රජය විසින් අනුගමනය කරන සැලසුම් සහගත ප්‍රතිපත්ති හේතුවෙන් ඉදිරි වසර තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් දැකගැනීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

     ඒ කො/ ආරක්ෂක සේවා විද්‍යාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඊයේ (26) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    අපේ දරුවන්ට අනාගතයට සාර්ථකව යාමට ඇති පාස්පෝට් එක අධ්‍යාපනය බවත් එහි නිවැරදිව වීසා එක සලකුණු කර දී දරුවන්ට ලොවක් දිනන්නට මග පෙන්වීම තම අමාත්‍යාංශයේ වගකීම  බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජාතිභේදවාදය හා අන්තවාදය අවුස්සන නායකයන් නිසා බොහෝ රටවල් අවුල් විය හැකි බවත් නෙල්සන් මැන්ඩෙලා වැනි දූරදර්ශී නායකයන් ජාතිභේදය හා වර්ණ‍භේදවාදය ප්‍රතික්ෂේප කළ නිසා දකුණු අප්‍රිකාව ගොඩනැංවීමට හැකි වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා,අරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.​

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya