නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වස විස නැති රටක් වැඩසටහන මාර්තු මස 06 දා ඇරඹේ Featured

    පෙබරවාරි 17, 2016

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වසර තුනකින් වස විස නැති ගොවිතැන ශ්‍රී ලංකාව තුළ තහවුරු කරන '' වස විස නැති රටක් '' වැඩසටහන පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    2016 මාර්තු මස හය වන දිනෙන් ආරම්භ වන '' වස විස නැති රටක්'' වැඩසටහන මාර්තු මස 08 වෙනි දින දක්වා පුරා දින තුනක් උදේ 10.00 සිට රාත්‍රී 9.00 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

    එම වැඩසටහනට සමගාමීව මාර්තු මස 7 වෙනි දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී සංගමය හා ගොවි නායකයින් 5000 කගේ පමණ සහභාගීත්වයෙන් ''වස විස නැති රටක්'' වැඩසටහන එළිදැක්වීමේ සම්මන්ත්‍රණයක් ද පැවැත්වීමට නියමිතය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, සරත් අමුණුගම, මහින්ද අමරවීර, එස්.බී දිසානායක යන මහත්වරුන් සහ යුද හමුදාපති, නාවික හමුදාපති සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජනාධිපති අතිරේක ලේකම් රෝහන දිසානායක මහතා ඇතුළු අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya