‘තිරසාර ජීවනෝපාය උදෙසා මතු පරපුර වෙනුවෙන් තෙත් බිම් සුරකිමු’ යන තේමාවෙන් යුතුව ශ්‍රී ලංකාවේතෙත් බිම් දින ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරු 9 ට කාක්කපල්ලිය ජම්බල කුඩා ධීවර සංවිධානයේ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘති පරිශ්‍රයේදී පැවැත්වේ.
"තෙත් බිමක් යනු බාදිය මට්ටමේ සිට මීටර් හයට අඩු මුහුදු ප්‍රදේශය ද ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවත්නා වූ මිරිදිය, කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යට වී ඇති කෘතී‍්‍රම හෝ ස්වාභාවික වගුරු බිම්, විල්ලු, ජලාශ හෝ ජල මාර්ග, ඇල ඉඩම්, පිට්ඉඩම්" යනුවෙන් තෙත් බිම් පිළිබඳ රැම්සා අර්ථකථනයේ සඳහන්ය.
යුරෝපයේ තෙත් බිම් සීඝ්‍ර ලෙස විනාශයට පත් වීම, ජලාශිත පක්ෂීන් වඳවී යාම යන කරුණු කෙරෙහි අවධානය යොමු වීමෙන් ජගත් තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා 1971 වසරේදී ඉරානයේ රැම්සා නුවරට රැස්වූ රටවල් 18 ක නියෝජිතයන් විසින් අන්තර්ජාතික සම්මුතියක් සම්මත කරගෙන තිබේ.
මෙය දැනට කි‍්‍රයාත්මකව පවතින පැරණිතම නූතන අන්තර් ජාතික එකගතාව ලෙසද සැළකෙන්නේ මෙයයි.මෙම සම්මුතියට මේ වන විට අත්සන් තබා ඇති රටවල් සංඛ්‍යාව එකසිය හැට හතරක් වන අතර හෙක්ටයාර එක්කෝටි අනූ අට ලක්ෂයකට ආසන්න භූමි ප්‍රමාණයක පැතිරී ඇති වනාන්තර දෙදහස් හැත්තෑ පහක් තෙත් බිම් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකාව මෙම එකඟතාවට අත්සන් තබා තිබෙන්නේ 1991 වසරේදීය. එහිදී බූන්දල කළපු භූමි ප්‍රදේශයත් 2001 දී ආනවිලුන්දාව පුරාණ වැව් අයත් අභය භූමි ප්‍රදේශයත් ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන තෙත් බිම් ලෙස නම් විය.
මේ අනුව ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත්බිම් ලෙස, බූන්දල අභය භූමිය, ආනවිලුන්දාව, මාදු ගඟ, වාන්කැලේ අභය භූමි සහ කුමන, විල්පත්තුව ජාතික වන උද්‍යානයන්ය නම්කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ තෙත් බිම් කාණ්ඩ තුනක් යටතේ වර්ග කර ඇත. එනම් ගංගා, ඇළදොළ, විල්ලු, මිරිදිය වගුරු, වනාන්තර ඇතුළත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්, කුඹුරු, වැව්, ජලාශ ඇතුළත් කෘත්‍රිම තෙත්බිම් සහ මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ බිම් ඇතුළත්කරදිය තෙත් බිම් ලෙසය.
ලොව ප්‍රථම වතාවට තෙත්බිම් දිනය සමරනු ලැබුවේ, 1997 වර්ෂයේදීයී. එතැන් පටන් සෑම වසරකදීම, රජයේ කාර්යාංශ, රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ තරාතිරම් වල පුරවැසි කණ්ඩායම් විසින්, තෙත් බිම් වල වටිනාකම් හා ප්රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය ගැනත් සම්බන්ධ පොදු දැනුවත් කිරීම් සිදුකරනු ලැබේ. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා රැම්සාර් මහලේකම් කාර්යාලයද, අවශ්‍ය ද්‍රව්‍ය හා ආධාර සපයයි.