නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන ආකාරයේ නින්දා, අපහාස එල්ල කළත් රටට ස්ථීරසාර සාමයක් උදාකරදීමට කැපවනවා – ජනපති Featured

    ජනවාරි 26, 2016

    කුමන ආකාරයේ නින්දා, අපහාස, චෝදනා එල්ල කළත් මේ රටට ස්ථීර සාර සාමයක් උදා කිරීම සදහා වීරෝධාර රණවිරුවන් කළ කැපවීමට සමාන කැපවීමක් තම ධූර කාලය තුළ තමා විසින්ද ඉටු කරන බව ජනාධිපතිතුමා පවසයි.

     

    රණවිරුවන් සහ බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගෙන රටේ ජාතික ආරක්ෂාව බිද දමා රට දෙකඩ කිරීමට තමා උත්සාහ කරන බවට පටු දේශපාලන අන්තවාදීන් අද චෝදනා එල්ල කරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා රටට වගකියන රටේ සේනාධිනායකයා ලෙස තමා එම සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද කියා සිටියේය.

     

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ති‍්‍රවිධ හමුදාවේ ආබාධිත රණවිරුවන් සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් පිළිගැන්වෙන “විරුසර වරප‍්‍රසාද” පත‍්‍රය නිකුත් කිරිමේ උත්සවයට අද (25) අරලියගහ මන්දිරයේ දි එක් වෙමිනි.

     

    මේ රටේ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කරමින් ඔවුන් ලෝකයේ පිළිගන්නා හමුදාවක් බවට පත් කිරීමට තමා කැපවන බව පැවසූ ජනාධිපතිතුමා 2015 ජනවාරි 08 වෙනිදාට පෙර රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ තමාගේ එදා වගකීමත් අද වගකීමත් අනුව රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට කටයුතු කරන බවද පැවසීය.

     

    2015 ජනවාරි 08 වනදාට පෙර රාජ්‍ය නායකයා කවුරු වුවත් ජනවාරි 08 වෙනිදායින් පසු රාජ්‍ය නායකයා කවුරුවුවත් ජාත්‍යන්තරයට පිළිතුරු ලබාදිය යුතු ප‍්‍රශ්ණ පත‍්‍රයක් අද රට හමුවේ ඇති බව පැවසූ ජනාධිපතිතුමා සිවිල් සමාජයේද ඉල්ලීමක් බවට පත්ව ඇති එම ප‍්‍රශ්ණවලට රජය අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතුව ඇති බවද කියා සිටියේ ය.

     

    ඒ සදහා සිදුකරන පරීක්ෂණ කිසිදු විටක රණවිරුවන් හෝ බුද්ධි අංශ සාමාජිකයින් ඉලක්ක කරගෙන සිදු කරන ඒවා නොවන බවද ජනාධිපතිතුමා පැවසීය.

    අද ඇතැමුන් ලේ ගැන කථා කිරීමට පටන්ගෙන ඇති අතර කුමන ආගමකට අයත් වුවත්, කුමන භාෂාවක් කථා කළත් සියලූ දෙනාගේම ඇත්තේ එකම ලෙයක් බවත් දියුණු ශිෂ්ටාචාරයක මිනිසුන් ලෙස පටු අදහස්වලින් බැහැරව රටේ සියලූ ජනතාවට සාමයෙන්, සතුටින් ජිවත්විය හැකි රටක් ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය.

     

    ගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක කරන විරුසර වරප‍්‍රසාද කාඞ්පත රණවිරුවන් මාතෘභූමිය වෙනුවෙන් සිදු කළ අසම සම කැපවීම වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පිදෙන උපහාරයකි.

     

    පාරිභෝගික, සෞඛ්‍ය, අධ්‍යාපන, මූල්‍ය රක්ෂණ ඇතුථ විවිධ අංශයන්හි ප‍්‍රතිලාභ රැුසක් එම`ගින් රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබා ගත හැක.
    ජනාධිපතිතුමා සංකේතාත්මකව විරුසර වරප‍්‍රසාද කාඞ්පත් පිළිගැන්වීමට එක් වූ අතර යාපනය, මන්නාරම සහ වව්නියාව ප‍්‍රදේශවල දෙමාපියන් අහිමි දරුවන් 100 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා සංකේතාත්මකව එක් විය.

     

    අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරින් ප‍්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර යන මහත්වරුන් ඇතුථ ති‍්‍රවිධ හමුදාපතිවරුන් ද, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    01

     

    pmdnews

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya