අමරදේවයන්ගේ නමින් ඉදි කෙරෙන සංගීත අසපුව කලාකරුවෙකු බිහිකරන තෝතැන්නක් වියයුතු බවත්, එය කලන නිකේතනයක් ලෙසට සියලු අංගවලින් සමන්විත පූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙසින්ද හැඳින්විය හැකි පරිසරයක් විය යුතු බව මෙම විශේෂ සාකච්ඡාවට සහභාගී වූ ප‍්‍රවීණ රංගධර ආචාර්ය කෝලිත භානු මහතා පැවසීය.
අදාල කාර්යය පිළිබදව පණ්ඩිත් අමරදේවයන්ගේ අදහස් ලබාගත් යුතු බවත්, අවශ්‍ය භූමිභාගය නිවැරදිව තෝරාගත් පසු පණ්ඩිත් අමරදේව ශූරින්ට අදාළ භූමිය පෙන්වීම සඳහා මෙය නැරඹීමට අවස්ථාව ලබා දිය යුතු බව මෙහිදී අවධාරණය විය.
පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මෙම සුවිශේෂී සාකච්ඡාවට විමලා අමරදේව, රංජන අමරදේව ඇතුලු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව, ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහත්වරු පිරිසක් සහභාගී වී සිටියහ.