නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා මාතෘ භූමිය ලෝකයේ යහපත් රටක් ලෙස ගොඩනැගීමට ජනපති ගෙන යන වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ ආශිර්වාදය

    ජනවාරි 14, 2016

    ශී‍්‍ර ලංකා මාතෘ භූමිය ලෝකයේ ඉතා ආදර්ශවත්, ගුණගරුක මිනිසුන් ජීවත්වන යහපත් රටක් ලෙස ගොඩනැගීමට ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කෙරේ.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කිරීම සදහා ,යතිවර හරසර ප‍්‍රණාම පූජා, නමින් වැඩසටහනක් පුලතිසි මහා ථේර සංසදය විසින්   කදුරුවෙල ජයන්ති මහා විහාරස්ථානයේ දී සංවිධානය කර තිබූ අතර එහිදී ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරමින් මහා සංඝරත්නය මේ බව ප‍්‍රකාශ කළහ.

    මිනිසාගේ අධ්‍යාත්මික දියුණුව ඇති නොකර ලබන දියුණුව රටේ යහපත පිණිස හේතු නොවන බවද මෙහිදී පෙන්වා දුන් මහා සංඝරත්නය මානුෂීය, යුක්තිගරුක, ප‍්‍රගතිශීලි සමාජයක් උදෙසා මේ රටේ ජනතාව තුළ තිබූ සිහිනය සැබෑ කිරීමට කැපවී සිටින ජනාධිපතිතුමාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවද ප‍්‍රකාශ කළහ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සදහන් කළේ බෞද්ධ දර්ශනය අනුව මෙන්ම සියලූ ආගමිවල දර්ශනය අනුව සමානාත්මතාවයෙන් මෙන්ම සාධාරණත්වයෙන් යුත් සමාජයක් ගොඩනැගීමට තම රජය කැපවී සිටින බවයි.

    මෙරට සියලූ ජන කොටස් වෛරයෙන්, ක්‍රෝධයෙන් මෙන්ම ද්වේෂයෙන් තොරව සහෝදරත්වයෙන් සහ සහජීවනයෙන් ජීවත්වන රටක් ගොඩනගන බවද ජනාධිපතිතුමා පැවසීය.

    පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන වෙත පිත්තල පහන් ප‍්‍රදානය කිරීම මෙන්ම දිස්ති‍්‍රක්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානයක්ද මෙහිදී සිදු කෙරිණි.

    ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශී‍්‍ර සුමංගල නායක හිමිපාණන් වහන්සේ, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේ`ඩරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි නායක ස්වාමින් වහන්සේ, කදුරුවෙල ජයන්ති විහාරාධිපති කදුරුවෙල ධම්මපාල නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ දිස්ති‍්‍රක්කයේ මහා සංඝරත්නය ද, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක්ද ප‍්‍රදේශවාසී ජනතාව ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya