මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජනජය 2016" පාපැදි සවාරියේ ජය ඉශාන් ජයසිංහට - ජනපති අතින් සම්මාන ලබයි Featured

    ජනවාරි 10, 2016

    ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් නිර්මාණය වුණු යහපාලන සම්මුති ආණ්ඩුවේ පළමු වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා විසින් සංවිධාන කළ ජනජය 2016 පාපැදි සවාරිය ජය ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉශාන් ජයසිංහ සමත් විය.

    ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී ඊට අදාළ ජනජය ශූරතාවය සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ත්‍යාගය ප්‍රදානය කළේ ය.

    ත‍මහි දෙවන සහ තෙවන ස්ථාන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ පිළිවෙළින් ජීවන් ජයසිංහ සහ තුෂාන් රාජපක්ෂ ලබා ගැනීමට සමත් විය.

    ඔවුන්ට අදාල සම්මාන සහ රුපියල් එක්ලක්ෂ පනස් දහසක සහ ලක්ෂයක ත්‍යාග මුදල අමාත්‍ය දයා ගමගේ මහතා සහ අනෝමා ගමගේ අමාත්‍යවරිය අතින් ලබා ගත්තේ ය.

    කණ්ඩායම් අංශයේ ශූරතාව දිනා ගනු ලැබූයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමයි. මෙහි අනුශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිනා ගත්තේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya