නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයග්‍රහණයේ සතිය ජනවාරී පළමු වැනිදා සිට

    දෙසැම්බර් 30, 2015

    පසුගිය ජනවාරී 8 විප්ලවයේ ජයග්‍රහණය නිමිතෙන් ලබන ජනවාරී පළමු වැනිදා සිට රට පුරා ජාතික කොඩි ඔසවා යහපාලන ජයග්‍රහණයේ සතිය සැමරීමට සියලු කටයුතු සැලසුම් කොට ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    මෙහි දී අදහස් දැක් වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේ මෙම සතිය තුළ දී පසුගිය වසරේ ලබාගත් ජයග්‍රහණ සිහිපත් කීරීමට හා එය වර්ධනය කරගැනීමට කටයුතු කරන බවයි.

     

    ජනවාරී පළමු වැනිදා සිය 8 වැනිදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙහි අවසාන අදියර වශයෙන් සෑම අමාත්‍යංශයක දී ම ලබන 8 වන දින ජනතාවට ඵලදායී වැඩසටහනක් ඉදිරිපත් කිරීමට අමාත්‍යංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya