නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට කමිටුවක් Featured

    දෙසැම්බර් 29, 2015

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා දේශපාලන පක්ෂම නියෝජිතයින් හා සිවිල් සමාජ නියෝජිතයින් විසි හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්රසමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ.

    එම කමිටුව විසින් දිවයිනේ විවිධ ස්ථානවලදී ලිඛිත සහ වාචික නියෝජනයන් ලබා ගැනීමට කටයුතු කරනු ඇත.

     

    එසේ රැස්කර ගන්නා ලද තොරතුරු පදනම් කරගෙන කමිටුව විසින් සකස් කරන වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසතිසංස්කරණ කැබිනට් අනු කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

     

    මෙම කමිටුවේ සභාපති වශයෙන් නීතිඥ ලාල් විජේනායක මහතා පත් කර තිබේ. අනෙක් සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා, මහාචාර්ය ගාමිණි සමරනායක, මහාචාර්ය ඒ.එම් නවරත්න බණ්ඩාර, මහාචාර්ය එම්.එල්.ඒ කාදර්, එන්. සෙල්වක්කුමාරන්, ගරු එස්. තවරාජා, ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස්, ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය කුමුදු කුසුම් කුමාර, නීතීඥ සුනිල් ජයරත්න, ආචාර්ය උපුල් අබේරත්න, තේමිය හුරුල්ලේ, වින්ස්ටන් පතිරාජ, ආචාර්ය එස්. විජේසන්දිරන්, නීතීඥ එම්.වයි.එම්. ෆයිස්, නදීකා දමයන්ති, නීතීඥ කාන්ති රණසිංහ, එස්.සී.සී ඉලන්කෝවන් සහ සිරිමසිරි හපුආරච්චි යන මහත්ම මහත්මීන් ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya