ප්‍රාදේශීය වශයෙන් පාසල් දියුණු කිරීම රජයේ ප්‍රතිපත්තියක් හැටියට කටයුතු කරන බවත් වසර ගණනාකට පසු අධ්‍යාපනය වෙනුවෙන් ඉහළම ප්‍රතිපාදන වෙන්කිරීම මෙවර අයවැයෙන් සිදු කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වෙන්නප්පුව ශාන්ත සෙබස්තියන් මාධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය 7 වැනි වරටත් සංවිධනය කර තිබූ "නතාලේ" අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයේ අවසන් දින උත්සව අවස්ථාවට එක් වෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සෙබස්තියන් විදුහලේ වසරේ දක්ෂතා දැක්වූ දරුවනට ත්‍යාග සහ සහතිකපත් බෙදාදීමද අමාත්‍යවරයා අතින් සිදුවිය.
ආයතන 30කට අධික සංඛ්‍යාවක් මේ සඳහා ප්‍රදර්ශණ කුටි ඉදිරිපත් කර තිබුණු අතර හෙක්ටර් අප්පුහාමි මහතා, දෙමාපියන් පාසැල් සිසුන් ඇතුළු නරඹන්නන් විශාල සංඛ්‍යාවක් මේ සඳහා සහභාගි වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
kpm