නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොඳ වැඩ නතර කිරීමට අවශ්‍ය නැහැ- ජනමාධ්‍ය ඇමැති Featured

    දෙසැම්බර් 18, 2015

    ආරම්භ කර තිබෙන හොඳ වැඩ නතර කිරීමට අවශ්‍යතාවක් නැති බවත් එවැනි වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    2015 වසරේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනයන් හි පූර්ණකාලීන හා අර්ධකාලීන ජනමාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් 145 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරිණි.

     

    මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන 2006 වසරේ සිට ආරම්භ කර තිබෙන අතර පසුගිය වසරවලට වඩා වැඩි පිරිසකට ශිෂ්‍යත්ව ලබා දීමට හැකි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා සාර්ථක දේශපාලඥයෙකු හෝ මාධ්‍යවේදියෙකු වීමට නම් කැපවීම, හැකියාව, දක්ෂතාව, උනන්දුව, අත්දැකීම් යනාදියෙන් සන්නද්ධ විය යුතු බව ද සඳහන් කළේය.

     

    සාර්ථක මාධ්‍යවේදියෙකුට උකුසු ඇසත්, බූරු පිටත්, ඌරු කටක් තිබිය යුතු බව පැරණි මාධ්‍යවේදියා නව මාධ්‍යවේදියට කියා දුන් බවත් උකුසු ඇසින් විමර්ශනය, තියුණු දැනුමත් පෙන්වා දෙන බවත් ඒ මහතා පැවසීය.

     

    එසේම මාධ්‍ය වෘත්තියේ තිබෙන කටුක, දුෂ්කරතාව, දරා ගැනීමේ හැකියාව බූරු පිටක් ලෙස හඳුන්වා දී තිබෙන අතර ඕන වේලාවක ලැබෙන දෙයක් කෑමට ගැනීමට මාධ්‍ය වෘත්තිය තුළ සිදු වන්නක් බව පැරණි මාධ්‍යවේදියා නවකයා කියා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

     

    ජනතාව හා සමාජය ඉදිරියට ගෙන යන මාධ්‍ය පිරිසක් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නිදහසේ පෑන හැසිරවීමට උපරීම ලෙස මාධ්‍ය නිදහස ලබා දී තිබෙන බවයි.

     

    මාධ්‍යවේදීන්ගේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට සම්පූර්ණයෙන් ම අවධානය යොමු කර තිබෙන අතර එහිදී සහන මිලට යතුරු පැදි ලබාදීම, නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යනාදී වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යරයා වැඩිදුරටත් පැවසීය.

     

    kpm

     

    media 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya